BBC News, සිංහල - ප්‍රධාන පුවත්

ප්‍රධාන පුවත

  • සිවරාසා අනෝජන් සහ ඔහුගේ මව

    'අයියා දවස් දෙකකින් කතා කළේ නැහැ' : සෞදියේ මරණ දඬුවම නියම වූ අනෝජන්ගේ පවුලේ අය පවසන්නේ කුමක් ද?

    සෞදි අරාබියේ මරණ දඬුවමට මුහුණ දී සිටින තම වැඩිමහල් පුත්‍රයා වන සිවරාසා අනෝජන් බේරා ගැනීමට උපකාර කරන ලෙස ඔහුගේ මව වන රාසමානික්‍යම් යෝගලක්ෂ්මි රජයෙන්, ආගමික නායකයන්ගෙන් සහ සිවිල් සංවිධානවලින් ඉල්ලීමක් කරයි. "මගේ පුතා යම් වරදක් කරලා තියෙනවා නම්, අපි ඒ සම්බන්ධයෙන් සමාව අයදිනවා. එයාට සමාව දීලා අපිට භාර දෙන්න කියලා අපි ඉල්ලනවා," යැයි ඔහුගේ මව කඳුළු සලමින් කියා සිටියාය.

  • ගෝඨාභය රාජපක්ෂ

    'ස්වාමීනී මට මතකයක් නෑ': ආරක්ෂක ලේකම් ධූරය දැරූ සමයේ සිදුවූ අතුරුදන් වීම් ගැන ගෝඨාභය අධිකරණයට කී කරුණු

    තමා ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ සමයේ සිදුවූ බව කියන පුද්ගල පැහැරගෙන යාම් සහ අතුරුදන් කිරීම් සම්බන්ධ චෝදනා සම්පූර්ණයෙන් ම අසත්‍ය බවත් ඒවා මුළුමනින් ම දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් රටේ නම විනාශ කිරීමේ අරමුණින් ඉදිරිපත් කළ ඒවා බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (සැප්තැම්බර් 29 වැනිදා) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවීම සාක්ෂි දෙමින් ප්‍රකාශ කළේය. 2011 වසරේ දෙසැම්බර් මස 10 වැනිදා සමාජ ක්‍රියාකාරිකයින් වන ලලිත් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩුවකට අදාලව "සූම්" ඔස්සේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ සිට සාක්ෂි දෙමින් ගෝඨාභය රාජපක්ෂ මේ බව කියා සිටියේ ය.

  • රතු පැහැති මෙට්‍රෝ බස්වල ඡායාරූපයකි

    'කොළඹ ගමනාගමනය පහසු කරන්න මෙට්‍රෝ බස්' තවත් මාර්ග 5කට

    කොළඹ නගරයේ තවත් බස් මාර්ග 5ක අද (සැප්තැම්බර් 29 වැනිදා) සිට නව මෙට්‍රෝ බස් සේවා ආරම්භ කෙරිණි. මෙට්‍රෝ බස් සේවා ක්‍රියාත්මක ගමන් මාර්ග ගැන සියලු තොරතුරු මෙන්න.

  • Udaya Gammanpila

    බ්‍රයන් ෂැඩික් නඩුව: උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස්

    ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් සමාගම් කොටස් අයුතු ලෙස පරිහරණය කර රුපියල් මිලියන 21ක් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළ බවට චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේ ය.

  • 
Exicted dj sound device oprator with headphones by dancing at club

    ඉදිරියේදී පවුලේ සාදවලදීත් ගීතවලට මුදල් ගෙවිය යුතු ද? ගීත බලපත්‍ර ගැන ඔබ දැනගත යුතු දේ

    උත්සව අවස්ථාවලදී ගායනය හෝ වාදනය කරනු ලබන ගීත සඳහා කර්තෘ භාගයක් අය කිරීමට බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් මෑතකදී නිකුත් වූ ගැසට් පත්‍රයට සමගාමීව, එය ක්‍රියාවට නංවනු ලබන සංවිධානය විසින් මෑතකදී සිදු කළ ප්‍රවෘත්ති සාකච්ඡාවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි මතභේදයකට තුඩු දී තිබේ. ඒ අනුව මෙම කර්තෘ භාග අය කරගැනීම සම්බන්ධයෙන් සංගීත නිර්මාණකරුවන් නියෝජනය කරනු ලබන සංවිධාන වලින් විමසීමක් සිදු කිරීමට බීබීසී සිංහල කටයුතු කරන ලදී.

කෙටි වීඩියෝ මඟහරින්න සහ කරන්න

කෙටි වීඩියෝ

  • මුහුදට ගොඩබැස්වූ SpaceX රොකට්ටුව ගිනිගෙන විනාශ වෙයි
  • නාමල් රාජපක්ෂ මාංචු දැමු අත් ඔසවාගෙන බස් රථයකින් බසිනු පෙනේ.
  • කන්දක් උඩින් ඉර පායා එන අතර මල් පිපී තිබේ.
  • ගංවතුරේ මිනිසුන් යන ආකාරය පෙනේ
  • කළු ටී ෂර්ට් එකක් ඇඳ සිටින පුද්ගලයෙක්ගේ බෙල්ලෙන් තවත් පුද්ගලයෙකු අල්ලාගෙන සිටී.
  • ඇසට නොපෙනෙන ජීවින් විශාල කර පෙන්වා අතර අභ්‍යවකාශ ඇඳුමක් පැළඳ සිටින පුද්ගලයෙකු පෙනේ
  • දරුවන් මේ තරම් Perfectionism පස්සේ යන්න ඇත්ත හේතුව මොකක් ද?
  • පුද්ගලයෙක් විශාල වළඳක් අසල ආහාර සකස් කරයි.
  •  තරුණයෙක් රොබෝලා දෙදෙනෙකු සමග නටයි
  • මීටර් 100ක් උසින් ආරක්ෂක පටි රහිතව කාන්තාවක් රැහැනක් මත ඇවිද යයි
  • ගොඩනැගිලි අතරින් ගිනිකෙලි සංදර්ශනයක් පෙනේ.
  • ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන්දුනීසියානු ධීවර යාත්‍රාවක සිටි 25 දෙනෙකු බේරාගත් අයුරු

ශ්‍රී ලංකාව

BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ

ලෝකය

ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?

අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න

ක්‍රීඩා

සෞඛ්‍යය

වෘත්තීය සහ දිවිමග

වීඩියෝ

විශේෂාංග

  • යම් කිසි පාර්ශවයක් සමග සිදුකළ පෞද්ගලික සංවාද (Chats) කිසිදු අවසරයකින් තොරව තවත් පාර්ශවයක් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීම පසුගිය කාල සීමාව පුරා විටින්විට නිරීක්ෂණය විය.

    අවසරයකින් තොරව පෞද්ගලික චැට් ප්‍රසිද්ධ කිරීම: පෞද්ගලිකත්වය සුරැකීමට නීතියක් තිබේ ද?

    යම් කිසි පාර්ශවයක් සමග සිදුකළ පෞද්ගලික සංවාද (Chats) කිසිදු අවසරයකින් තොරව තවත් පාර්ශවයක් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීම පසුගිය කාල සීමාව පුරා විටින්විට නිරීක්ෂණය විය. පෞද්ගලිකව සිදුකරන ලද සංවාද මෙලෙස සමාජ මාධ්‍ය හරහා අනෙක් පාර්ශවයේ අවසර ඇතිව හෝ නොමැතිව පළකිරීම සම්බන්ධයෙන් ඇතැම් පිරිස් ප්‍රශ්න කර තිබෙන අයුරු බීබීසී සිංහල වෙත නිරීක්ෂණය විය.

  • ශ්‍රී ලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදු සීමාව තුළ ස්ථානගත කර ඇති ඉරානයට අයත් නෞකා

    'ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ ඇමෙරිකානු සම්බාධක පැනවූ ඉරාන නෞකා 21ක්' - BBC නිරීක්ෂණයකින් හෙළිවේ

    “ස්වෛරී රාජ්‍යයක් විදිහටත්, ජාත්‍යන්තර සාගර සම්මුතියට අත්සන් කරලා රටක් හැටියටත් මෙතැනදී ප්‍රශ්නය එන්න හැකියාව තියෙනවා ශ්‍රී ලංකාවට. ස්වෛරී රාජ්‍යයක් හැටියට යුදමය නොවන තත්ත්වයකදී ඕනෑම රටකට සහය දෙන්න ශ්‍රී ලංකාවට කටයුතු කරන්න වෙනවා. මේ වගේ අවස්ථාවක් තමයි පහුගිය මාර්තු මාසයේදී ඉරානයේ ‘IRIS බුෂෙහර්’ නෞකාවට රැකවරණය ලබා දුන්නේ. ඒ වගේම ජාත්‍යන්තර සාගර සම්මුතියට අත්සන් කරලා තියෙන රටක් හැටියට, අපගේ මුහුදු සීමාවට අයත්වන කලාපයේදී යම් නෞකාවක් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා උදව් ඉල්ලුවොත් ශ්‍රී ලංකාවට ඒ සහය ලබාදෙන්න සිද්ධ වෙනවා.”

  • දරුවන් දෙදෙනෙකු සමග සිටින නිලධාරියෙක්

    දරුවන් සම්බන්ධ රැකියාවක් අවශ්‍ය නම් මේ සහතිකය අනිවාර්ය යි? එය ලබාගන්නේ කෙසේ ද?

    දරුවන් සමග ඍජුව සම්බන්ධ වන රාජ්‍ය සේවයේ රැකියා සඳහා බඳවා ගැනීමේදී ළමුන් පිළිබඳ අපරාධවලට සම්බන්ධ වැරදිකරුවෙකු නොවීම එම රැකියාව ලබා ගැනීමට සුදුසුකමක් ලෙස නම් කිරීමට රජය පියවර ගනිමින් සිටියි. තව ද, දැනට රාජ්‍ය සේවයේ නිරතව සිටින දරුවන් සමග සම්බන්ධ වන රැකියාවල නිරත රාජ්‍ය නිලධාරීන්ට ද අදාළ රැකියාව ඉදිරියට කරගෙන යාමේදී මෙම සහතිකය ලබා ගැනීම අනිවාර්ය කිරීමට කටයුතු කරන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් පැවසුවා ය.

ජනප්‍රිය ලිපි