ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
BBC News, සිංහල - ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත
ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු ඉලෙක්ට්‍රොනිකව ගොනු කිරීම ඇරඹේ : එය අධිකරණ කේෂ්ත්‍රයට වැදගත් වන්නේ ඇයි?
ශ්‍රේෂ්ඨාධිකරණයේ විවෘත අධිකරණය තුළ කඩදාසි රහිත විද්‍යුත් පද්ධතිය මත පදනම් වූ ප්‍රථම නඩු විභාගය අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ ප්‍රධානත්වයෙන්, විනිසුරු අර්ජුන ඔබේසේකර සහ විනිසුරු ආචාර්ය සෝභිත රාජකරුණා යන විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගෙන තිබේ. ඒ, වත්මන් රජයේ ඩිජිටල්කරණ වැඩසටහනේ එක් පියවරක් ලෙසයි.
එක්සත් ජනපදයට සහ ට්‍රම්ප්ට ඉතිහාසයෙන් ඉගෙන ගත හැකි ප්‍රධාන පාඩම්
මීට මාසයකට පෙර එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව ඇවිලවූ යුද්ධය, එහි ඇති අවිනිශ්චිත ස්වභාවය නිසාම දැන් එය පුරෝකථනය කළ හැකි නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව පෙනෙන්නට තිබේ.
වීඩියෝ, චන්ද්‍රයා වෙත යන නව ගමනින් පෘථිවියේ බල තුලනය වෙනස් විය හැකි ද?, ධාවන කාලය 7,51
එක්සත් ජනපදය සහ චීනය යන රටවල් දෙකම චන්ද්‍ර මතුපිටට මෙහෙයුම් සැලසුම් කරමින් සිටින අතර, එම රටවල් දෙකටම එහි ස්ථිර කඳවුරු තැනීමට අවශ්‍යව තිබේ. එය එකිනෙකාට සමීප තරගයක් වන අතර, ජයග්‍රහණය කරන්නා එම කීර්තිය සහ සඳෙහි සම්පත් වෙත ප්‍රවේශය ලබයි.
'DNA පරීක්ෂණයට චාමික කරුණාරත්න කිසිදු අවස්ථාවක කැමැත්ත පළ කර නැහැ':අධිකරණයේදී අද හෙළිවූ කරුණු
සිය සේවා දායකයාගේ කැමැත්ත නොමැතිව DNA පරීක්ෂණයක් කිරීම සඳහා රුධිර සාම්පල ලබාදෙන ලෙස පැමිණිල්ල තුළින් කර ඇති ආයාචනය ප්‍රතික්ෂේප කරන ලෙස වගඋත්තරකාර චාමික කරුණාරත්න වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
හජ් වන්දනාකරුවන් ඇතුළු මුස්ලිම්වරුන් 167 දෙනෙකු ඝාතනය කොට වලදමා ඇති බවට සැකකෙරෙන සමූහ මිනීවළක් සොයා කැණීම් කටයුතු ඇරඹේ
1990 අගෝස්තු 12 වන දින, පූජනීය හජ් වන්දනා කටයුතු අවසන් කර කල්මුනේ හරහා කාත්තන්කුඩි වෙත ආපසු යමින් සිටි මුස්ලිම් බැතිමතුන් 167 දෙනා, එල්ටීටීඊ සංවිධානය විසින් පැහැරගෙන ගොස් ඝාතනය කොට වළ දමා ඇති බවට සැක කෙරේ.
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?
අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
වෘත්තීය සහ දිවිමග
විශේෂාංග
ඉරානය දෙන බව කී ඉන්ධන ශ්‍රී ලංකාවට ඇත්තට ම ලබා ගන්න පුළුවන් ද?
ඕනෑ ම මොහොතක ශ්‍රී ලංකාව තෙල් හෝ වෙනත් ඕනෑ ම අත්‍යවශ්‍ය භාණ්ඩයක් ඉල්ලා සිටියහොත් ඉරානය එම භාණ්ඩ ශ්‍රී ලංකාවට සපයනු ඇති බව පසුගිය දා කොළඹ ඉරාන තානාපතිවරයා කියා සිටියේ ය. ඊට ප්‍රතිචාර දක්වමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ, එම ප්‍රකාශයට ස්තූති වන්ත වන බව ය. මෙවන් පසුබිමක ශ්‍රී ලංකාවට ඉරානයෙන් ඉන්ධන මිල දී ගැනීමට ඇති අවස්ථා මොනව ද?
ග්‍රාම නිලධාරී සේවයට එක්වීමට අපේක්ෂා කරන ඔබ එහි තරග විභාගය ගැන දැනගත යුතු කරුණු
ග්‍රාම නිලධාරී සේවයේ III වන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන තරග විභාගය මාර්තු 29 වන දා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ ප්‍රකාශ කළේ, එම විභාගය එදින දිවයින පුරා විභාග මධ්‍යස්ථාන රැසක පැවැත්වෙන බව ය.
'හිටපු අටමස්ථානාධිපති හිමි තෑගි කළ' බව කියන රු. කෝටි 10ක් වටිනා ඉඩමක අයිතිය ඉල්ලා ව්‍යාපාරිකයෙකුගේ බිරියක් නඩු පවරයි
අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් අපවත් වීමට දින පහකට පෙර තමන්ට තෑගි කළ රුපියල් කෝටි 10ක් වටිනා ඉඩමකට අදාළ තෑගි ඔප්පුව ලියාපදිංචි කිරීම රජයේ රෙජිස්ට්‍රාර් ජනරාල්වරවරයා ප්‍රතික්ෂේප කිරීම අභියෝගයට ලක් කරමින් එම තෑගි ඔප්පුව ලියාපදිංචි කරන ලෙසට රජයේ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට නියෝග කරන්නැයි ඉල්ලා අනුරාධපුරයේ ව්‍යාපාරිකයෙකුගේ බිරියක නඩු පවරා තිබේ.
ශ්‍රී ලංකාවේ 'විශිෂ්ට සෞඛ්‍ය සේවාවක්' තිබේ නම් දේශපාලකයින් ප්‍රතිකාරවලට සිංගප්පූරු යන්නේ ඇයි?
ශ්‍රී ලංකාව තුළ විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් පවතින බවට සහතික දෙන දේශපාලනඥයින් ම බොහෝවිට ප්‍රතිකාර සහ ශල්‍යකර්ම සඳහා විදෙස්ගත රෝහල් කරා ඇදී යාමේ ප්‍රවණතාවක් පසුගිය දශක කිහිපය පුරා අපි අසා දැක ඇත්තෙමු. මෙහි ආසන්නතම සිදුවීම වූයේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශල්‍යකර්මයක් සඳහා සිංගප්පූරුවට යාම ය. එහිදී, ඔහු ශල්‍යකර්මයකට භාජනය කළ බව මාධ්‍ය වාර්තාවල පළවී තිබිණි.
ශ්‍රී ලංකාව ලෝකයේ සතුට අවම රටවල් අතරට: ගැම්බියාව, මැඩගස්කර්, ටෝගෝ ශ්‍රී ලංකාවට ඉදිරියෙන්
ලෝකයේ සතුට අවම ජනතාවක් වෙසෙන රටවල් අතරට ශ්‍රී ලංකාව ඇතුළත්ව තිබේ. ඒ, ලෝක සතුටු දර්ශකයේ (World Happiness Report) 134 වන ස්ථානයට පත්වෙමිනි. ලෝකයේ එක් එක් රටවල වෙසෙන ජනතාව සතුටින් සිටීම වර්ගීකරණයට ලක් කරන ලෝක සතුටු දර්ශකයේ පසුගිය වසරට වඩා එක් අගයකින් මෙවර ශ්‍රී ලංකාව පහත වැටී තිබේ.