BBC News, සිංහල - ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත
වසර 4ක සිර දඬුවමෙන් නිදහස් වීමට ඥානසාර හිමි ගොනු කළ අභියාචනයට ලැබුණු තීන්දුව
2016 මාර්තු 30 වන දින කොළඹ, කිරුළපන ප්‍රදේශයේ පැවති කූරගල විහාරස්ථානය පිළිබඳව පැවැත්වූ මාධ්‍ය හමුවකදී පළකරනු ලැබූ අදහස්වලින් ඉස්ලාම් ආගමට අපහාස කිරීම සහ ජාතීන් හා ආගම් අතර සංහිඳියාවට බාධා වන අයුරින් කටයුතු කිරීම සම්බන්ධයෙන් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 291 වන වගන්තිය යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබිණි.
නාමල්ගෙන් මහින්ද රාජපක්ෂට බන්ධනාගාරයේ සිට උපන් දින සුබ පැතුමක්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ උපන්දිනය වෙනුවෙන්, දින 50කට වැඩි කාලයක් තිස්සේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් තබන ලද සුබ පැතුම් සටහන ඔහුගේ ෆේස්බුක් පිටුවේ පළ කර ඇත.
ශෂී වීරවංශගේ සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණයත් තහවුරු කරයි: වහා රිමාන්ඩ් කිරීමට අධිකරණයෙන් නියෝග
අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වැරදිකාරිය වූ හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට නියම කළ වසර දෙකක සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය අද (නොවැ: 18) තහවුරු කළේ ය. එම සිර දඬුවමට එරෙහිව ඇය ඉදිරිපත් කර තිබූ අභියාචනය සලකා බැලීමෙන් අනතුරුව එම අභියාචනය ප්‍රතික්ෂේප කරමින් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් මෙම නියෝගය ප්‍රකාශ කළේ ය.
IPL 2027: මතීෂ පතිරණ ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක් ඉවතට; දෙදෙනෙක් පමණක් රඳවා ගැනෙති
2027 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ඒ ඒ කණ්ඩායම්වල රඳවාගන්නා සහ ඉවත් කරන ක්‍රීඩකයින් පිළිබඳ අවසන් ලේඛනය අඟහරුවාදා (නොවැ: 17) නිකුත් කෙරිණි. එහිදී, මතීෂ පතිරණ ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ම ඔවුන් ක්‍රීඩා කළ කණ්ඩායම්වලින් ඉවත් කර තිබේ. චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනිගේ විශ්‍රාම ගැනීම කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු විය.
2026 වසරේ පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඒ ඒ පාසල්වලට අදාළ කඩඉම් ලකුණු
2026 වර්ෂයේ පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩඉම් ලකුණු නිකුත් කර තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකාවේ ඉහළ ම කඩඉම් ලකුණු සීමාව ලෙස ලකුණු 174ක් අවශ්‍ය වන්නේ, කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වීම සඳහා ය.
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?
අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
වෘත්තීය සහ දිවිමග
විශේෂාංග
'අපේ අයවැය යෝජනා කඩදාසියට පමණක් සීමා වන්නේ නැහැ' - ජනපති
2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද සිදු කෙරිණි. මෙය ඔහුගේ නායකත්වයෙන් යුත් රජය ඉදිරිපත් කරන තෙවැනි අයවැයයි.
2027 අයවැයේ මුදල් බෙදී යන හැටි - රජයේ මුදල් වැඩිපුර ම වෙන් වී ඇති අමාත්‍යංශය කුමක් ද?
මෙවර විසර්ජන පනත් කෙටුම්පත අනුව, ජනාධිපති, අගමැති, මැතිවරණ කොමිසම, මානව හිමිකම් කොමිසම වැනි විශේෂ වැය ශීර්ෂ සහ අමාත්‍යංශවලට මුදල් බෙදී ගොස් ඇති ආකාරය සම්බන්ධයෙන් මෙම ලිපියෙන් සොයා බැලීමක් සිදු කර තිබේ.
2027 අයවැය: ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ඔබ දැනගත යුතු කරුණු
2027 වසර සඳහා වන අයවැය ජනාධිපතිවරයා විසින් අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පසුබිමක, ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වන විට පවතින්නේ කුමන තත්ත්වයක ද යන්න සම්බන්ධයෙන් අදහසක් ලබා ගැනීම ඉතා වැදගත් ය. උද්ධමනය, දළ දේශීය නිෂ්පාදිතය, රාජ්‍ය ආදායම සහ වියදම්, රාජ්‍ය ණය, විදේශ සංචිත සහ දරිද්‍රතාවය යන කරුණු රටේ ආර්ථික තත්ත්වය තේරුම් ගැනීමට වැදගත් වේ.
ශ්‍රී ලංකාවේ ඔක්තෝබර් උද්ධමනය 8% පනී: උද්ධමනයෙන් බැට කන ජනතාවට අයවැයෙන් දිය යුතු සහන මොනවා ද?
"උද්ධමනය කියන එකෙන් තේරුම් ගන්න ඕනේ උද්ධමනය අපි අදහස් කරන්නේ මිල මට්ටම් වැඩිවීමේ වේගය, මිල මට්ටම වැඩිවීම හෝ අඩුවීම නෙමෙයි. මිල මට්ටම් වැඩිවීමේ වේගය එතකොට අපිට මතක යි ආර්ථිකය අර්බුදයක් තියෙන කාලේ අපේ මිල මට්ටම් 70%කින් විතර වැඩි වුණා. ඊට පස්සේ ඒක ක්‍රමිකව පාලනය වෙලා ඊට පස්සේ ඕක ඍණ මට්ටමට ආවා. දැන් ඔය දෙක ම හොඳ නැහැ. ඒ කියන්නේ විශාල වශයෙන් වැඩිවීමත් හොඳ නැහැ. අඩු වීමත් හොඳ නැහැ. මොක ද අර උද්ධමනය ඍණ වෙනවා කියලා කියන්නේ අවධමනයක්"
SriLankan අලාභය රු. බිලියන 35ක් දක්වා ඉහළට: තවමත් පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් 12ක්
ශ්‍රීලන්කන් ගුවන් සමාගමට අමතරව තවත් රාජ්‍ය ආයතන 12ක් මෙම වසරේ පළමු මාස 06 තුළදී පාඩු ලබන බවට මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙන වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවෙන් පෙන්වා දී තිබේ. ඒ අතරින් වැඩි ම ශුද්ධ අලාභය වාර්තා කර ඇත්තේ සීමාසහිත ලංකා සීනි සමාගමයි. එම අලාභය රුපියල් මිලියන 1,525ක් ලෙස දැක්වේ.



















































