නාසා ආයතනය පිටසක්වළ ජීවීන්ට පෘථිවිය ගැන පණිවුඩයක් යැව්වේ ඇයි?
1977 වසරේදී සිදුවූ අතිශය දුර්ලභ ග්‍රහලෝක පිහිටීමක් හේතුවෙන්, අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ පිටත සීමාවන් සහ ඉන් ඔබ්බට ගවේෂණය කළ හැකි අභ්‍යවකාශ යානා යැවීමට නාසා ආයතනයට සුවිශේෂී අවස්ථාවක් උදා විය.
එම යානා තුළ රන් ආලේපිත තැටියක් ද රැගෙන ගියේය. එහි පෘථිවියේ ශබ්ද, සංගීතය සහ ඡායාරූප ඇතුළත් කර තිබුණේ, විශ්වයේ කොතැනක හෝ සිටින පිටසක්වළ ජීවීන් වෙත මනුෂ්‍යත්වය පිළිබඳ පණිවිඩයක් යැවීමේ අරමුණෙනි.
Voyager 1 අභ්‍යවකාශ ගවේෂණ යානය පෘථිවියේ සිට එක් ආලෝක දිනක දුරක් ගමන් කිරීමේ සුවිශේෂී සන්ධිස්ථානයට ළඟා වන මේ මොහොතේ, අපි එම අසාමාන්‍ය රන් තැටියේ කතාව ගවේෂණය කරමු.
පිටසක්වළ ශිෂ්ටාචාරයක් මෙම තැටිය සොයාගතහොත් එහි අන්තර්ගතය තේරුම් ගන්නේ කෙසේ ද? එහි අන්තර්ගතයෙන් මනුෂ්‍යත්වය පිළිබඳ හෙළිවන්නේ කුමක් ද? එහි ඇති සිතියම ආධාරයෙන් ඔවුන්ට අපගේ පෘථිවිය සොයාගත හැකි වේවි ද?
මේ තැටියේ අන්තර්ගත සංගීතයට සවන් දීමට අවශ්‍ය ද?









