BBC News, සිංහල - ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත
රංග රාජපක්ෂ: වැඩතහනම්ව සිටි සහකාර අධ්යක්ෂවරයාගේ මරණය 'සිය දිවිනසා ගැනීමක්' බව මරණ පරීක්ෂණයෙන් හෙළිවෙයි
රංග රාජපක්ෂ නම් වූ මෙම නිලධාරියා මුදල් අමාත්‍යාංශය විසින් ඔස්ට්‍රේලියාවට ගෙවීමට නියමිතව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ණය වාරිකයක් හැකර්වරයෙකුගේ ගිණුමට බැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිට ඇති බව වාර්තා වෙයි.
වෙසක් සතිය කල් දැමීමේදී රජය හජ්ජි සැමරුම ගැන තැකීමක් නොකළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහක්
විසා නැකත නොයෙදීම නිසා මැයි 01 වන දාට යෙදී තිබූ වෙසක් පොහොය මැයි 30 වන දින දක්වා කල්දැමීමට රජය පියවර ගෙන තිබේ. මෙම දින වෙනස් කිරීම සිදු කර ඇත්තේ, මහනායක හිමිවරුන් ද ජනාධිපතිවරයාට කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව ය. කෙසේ වෙතත්, මේ වන විට අලුතින් නම් කර ඇති වෙසක් සතිය තුළ හජ්ජි සැමරුම ද යෙදී තිබීම සම්බන්ධයෙන් මේ වන විට මුස්ලිම් ප්‍රජාව තුළ සංවාදයක් මතුව තිබේ.
'පාස්කු ප්‍රහාරය ගැන ජනපති මෛත්‍රී තොරතුරු දැන සිටියා': හිටපු ආරක්ෂක ලේකම්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන තොරතුරු දැන සිටි බව තමන් විශ්වාස කරන්නේ යැයි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ප්‍රකාශ කළේ ය.
ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් යානයක සිටි රුසියානු වෛද්‍යවරයෙකුගෙන් ඩොලර් 9,900ක් සොරා ගත් චීන ජාතිකයෙකු අත්අඩංගුවට
ඒ වන විටත් චීන ජාතික සැකකරු ඇමෙරිකානු ඩොලර් 4,000 ක මුදළක් කැසිනෝ ක්‍රීඩාව සදහා වැය කර තිබූ අතර ඔහු සන්තකයෙහි රුපියල් දහඅට ලක්ෂ අසු හය දහසක් වටිනා ඇමෙරිකානු ඩොලර් 5,900 ක මුදළක් ඉතිරිව තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත.
ශ්‍රී ලංකාවේ සිය පාරිභෝගික බැංකු මෙහෙයුම් අවසන් කළ HSBC බැංකුව මෙරට බැංකු ක්ෂේත්රයට සිදු කළ වෙනස්කම් මොනවා ද?
HSBC බැංකුව විසින් මෙරට පවත්වාගෙන යනු ලැබූ පාරිභෝගික බැංකු කටයුතු ඊයේ (අප්‍රේල් 30) දිනෙන් නිල වශයෙන් අවසන් කර තිබේ. ඒ, HSBC බැංකුවේ මෙරට පාරිභෝගික බැංකු කටයුතු නේෂන්ස් ට්‍රස්ට් බැංකුව වෙත පැවරීම අවසන් කිරීම සමඟිනි.
උපපොලිස් පරීක්ෂකවරයෙකුට පහර දුන් පොලිස් පරීක්ෂකවරුන් තිදෙනෙකුට අධිකරණය දුන් දඬුවම
එක්තරා අවස්ථාවක පිටුපසින් පැමිණි වාහනය පෙත්සම්කරුගේ වාහනය පසුකරගෙන ගොස් ඉදිරියෙන් මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගය මැද නවතා තිබේ. මේ නිසා පෙත්සම්කරුගේ පමණක් නොව පිටුපසින් පැමිණි වාහන ද නතර වීම හේතුවෙන් වාහන තදබදයක් ඇති විය. පසුව ඉදිරිපසින් නැවැත්වූ වාහනයෙන් බැස පිටතට පැමිණි වගඋත්තරකාර ගජනායක නමැති පොලිස් පරීක්ෂකවරයා පෙත්සම්කරු අසුන්ගෙන සිටි වාහනය අසලට පැමිණ පෙත්සම්කරුට පහර දී තිබේ.
කෙටි වීඩියෝ
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?
අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
වෘත්තීය සහ දිවිමග
විශේෂාංග
දිට්වා ආපදාවට මාස 5යි: හානි වූ උඩරට දුම්රිය මාර්ග යථා තත්ත්වයට පත් කිරීම ප්‍රමාද ඇයි?
දිට්වා ආපදාව සිදුව මාස 5ක් ගත වන විට තවමත් කොළඹ සිට මහනුවර දක්වා දුම්රියක් ධාවනය කිරීමට නොහැකි වී තිබේ. යළි කොළඹ සිට මහනුවරට දුම්රියෙන් යන්න ලැබෙන්නේ කවදා ද? ඒ ගැන සොයා බැලීමට බීබීසී සිංහල අපි මහනුවර ප්‍රදේශයේ සංචාරක නිරත වූයෙමු.
විදෙස්ගත ඔබට ඉදිරි මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ කොහොම ද?
විදේශගතව සිටින ලක්ෂ 15කට අධික ශ්‍රී ලාංකිකයන්ට මෙරට මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය නීතිමය සහ ප්‍රායෝගික ක්‍රමවේද සකස් කිරීම වෙනුවෙන් පත් කළ විශේෂ කමිටුවේ නිර්දේශ ඇතුළත් වාර්තාව, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වෙත භාර දී තිබේ.
'සැබෑ බුදු දහම' සොයා යන Walk for Peace පා ගමනට නායකත්වය දෙන පූජ්‍ය පඤ්ඤාකර හිමි යනු කවුද?
මෑතකදී ලොව පුරා ම පාහේ ජනාදරයට පාත්‍ර වූ බෞද්ධ හිමිනමක ලෙස ඇමෙරිකාවේ වැඩ වෙසෙන පූජ්‍ය පඤ්ඤාකර හිමියන් හැඳින්විය හැකි ය. ථෙරවාද බෞද්ධ හිමිනමක් වන උන්වහන්සේගේ උපන් බිම වියට්නාමය යි. 2025 වසරේ ඇමෙරිකාවේ ටෙක්සාස් සිට වොෂින්ටන් ඩී.සී. අගනුවර දක්වා දින 108කදී සැතපුම් 2000 අධික දුරක් පා ගමනින් වැඩම කළ පූජ්‍ය පඤ්ඤාකර හිමි පිළිබඳව ලෝකය පුරා ම පාහේ කතා බහට ලක්විය.
ට්‍රම්ප්ගේ පාලනය යටතේ නීති විරෝධී ලෙස කොටස් වෙළෙඳාම සිදුව ඇති බවට සැකයක්
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ධූර කාලය පුරාවට ම ඔහු වෙළෙඳපොළට බලපෑ හැකි විවිධ නිවේදන නිකුත් කිරීමටත් පෙර සිට ම වෙළෙඳුන් ඒවා වෙනුවෙන් ඩොලර් මිලියන ගණනින් ඔට්ටු ඇල්ලීම නිරන්තරයෙන් දක්නට ලැබෙන දෙයක් බවට පත්ව තිබේ.
ශ්‍රී ලංකාවේ පිරිමි සහ කාන්තා සාක්ෂරතා අනුපාතය සම මට්ටමට: ස්ත්‍රී සාක්ෂරතා අනුපාතය 97% දක්වා ඉහළට
ශ්‍රී ලංකාවේ ලක්ෂ 4කට වැඩි පිරිසක් පාසල් අධ්‍යාපනය ලබා නොමැති බව 2024 ජන හා නිවාස සංගණන අවසන් වාර්තාවේ දක්වා තිබේ. එම වාර්තාවට අනුව, වයස අවුරුදු 25 හා ඊට වැඩි මුළු ජනගහනයෙන් 400,511 දෙනෙකු පාසල් නොගිය පිරිසට අයත් වන අතර ඉන් 136,168 දෙනෙකු පිරිමි සහ කාන්තාවෝ 264,343 දෙනෙකු වෙති.




















































