BBC News, සිංහල - ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත
හැකර් ගිණුමකට මුදල් බැර කිරීමේ සිද්ධියට වැඩතහනම්ව සිටි සහකාර අධ්යක්ෂවරයෙක් 'සියදිවි හානි කර ගනී'
රංග රාජපක්ෂ නම් වූ මෙම නිලධාරියා මුදල් අමාත්‍යාංශය විසින් ඔස්ට්‍රේලියාවට ගෙවීමට නියමිතව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ණය වාරිකයක් හැකර්වරයෙකුගේ ගිණුමට බැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිට ඇති බව වාර්තා වෙයි.
'පාස්කු ප්‍රහාරය ගැන ජනපති මෛත්‍රී තොරතුරු දැන සිටියා': හිටපු ආරක්ෂක ලේකම්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන තොරතුරු දැන සිටි බව තමන් විශ්වාස කරන්නේ යැයි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ප්‍රකාශ කළේ ය.
දිට්වා ආපදාවට මාස 5යි: හානි වූ උඩරට දුම්රිය මාර්ග යථා තත්ත්වයට පත් කිරීම ප්‍රමාද ඇයි?
දිට්වා ආපදාව සිදුව මාස 5ක් ගත වන විට තවමත් කොළඹ සිට මහනුවර දක්වා දුම්රියක් ධාවනය කිරීමට නොහැකි වී තිබේ. යළි කොළඹ සිට මහනුවරට දුම්රියෙන් යන්න ලැබෙන්නේ කවදා ද? ඒ ගැන සොයා බැලීමට බීබීසී සිංහල අපි මහනුවර ප්‍රදේශයේ සංචාරක නිරත වූයෙමු.
ඉරානයට එරෙහි ක්‍රියාමාර්ග ගැන ට්‍රම්ප් දැනුවත් කිරීමට නියමිත බව වාර්තා වීම සමග ඉන්ධන මිල එහි ඉහළම අගයට
ඉරාන යුද්ධය සම්බන්ධයෙන් ඉදිරියේ දී ගත හැකි ක්‍රියාමාර්ග සඳහා වන නව සැලසුම් පිළිබඳව එක්සත් ජනපද හමුදාව විසින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත දැනුම් දීමට සූදානම් වන බවට පළ වූ වාර්තාවකින් අනතුරුව, 2022 වසරෙන් පසු ඉන්ධන මිල එහි ඉහළම අගයට ළඟා වී තිබේ.
වසර 12කට පෙර 'ඉස්ලාම් දහමට නින්දාවක්' කළ බවට ඥානසාර හිමිට අධිචෝදනා
මීට වසර 12කට පමණ පෙර කරනු ලැබූ ප්‍රකාශයකින් ඉස්ලාම් දහමට නින්දාවක් කළ බවට චෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය හමුවේ අද (අප්‍රේල් 30) අධිචෝදනා භාර දුන්නේ ය. මීට පෙර අධිකරණය විසින් නිකුත් කරනු ලැබූ සිතාසියකට අනුව විත්තිකාර ඥානසාර හිමියෝ අධිකරණය හමුවේ පෙනී සිටියහ.
ඒෂාන් මාලිංග: පිතිකරණයට පාරාදීසයක් වූ IPL තරගාවලියේ පිතිකරුවන්ගේ භීතිය
''අපේ පන්දු යවන්නන් හරිම දක්ෂයි. විශේෂයෙන් ඒෂාන් ගැන කියන්න ඕන. අපි මේ තරග ජයගන්න ප්‍රධාන හේතුවක් තමයි ඔහු. ඔහුට දැන් පර්පල් කැප් එක ලැබිලා තියෙනවා. අපේ කණ්ඩායමේ ඉන්න නිසා ඒකෙන් විශාල බලපෑමක් ඇති කරනවා.''
සහෝදරියගේ මරණය තහවුරු කරන්න ඇටසැකිල්ල බැංකුවකට ඔසවාගෙන ගිය සහෝදරයෙක්
ඔඩීෂාහි කියොන්ජාර් දිස්ත්‍රික්කයේ බැංකුවක සේවකයින් සහ ගනුදෙනුකරුවන් සඳුදා (අප්‍රේල් 27) දහවල් පුදුමයට පත් වූයේ 52 හැවිරිදි ජිතු මුණ්ඩා ඇටසැකිල්ලක් උරහිසේ තබාගෙන බැංකුවට ඇතුළු වූ විට ය. පැට්නා බ්ලොක්හි දියනාලි ගම්මානයේ පදිංචිකරුවෙකු වන ජිතු මුණ්ඩා, ඔහුගේ සහෝදරියගේ ග්‍රාමීන් බැංකු ගිණුමෙන් ඉන්දීය රුපියල් 19,300ක් ලබා ගැනීමට අවශ්‍ය වී තිබිණි.
කෙටි වීඩියෝ
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?
අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
වෘත්තීය සහ දිවිමග
විශේෂාංග
'සැබෑ බුදු දහම' සොයා යන Walk for Peace පා ගමනට නායකත්වය දෙන පූජ්‍ය පඤ්ඤාකර හිමි යනු කවුද?
මෑතකදී ලොව පුරා ම පාහේ ජනාදරයට පාත්‍ර වූ බෞද්ධ හිමිනමක ලෙස ඇමෙරිකාවේ වැඩ වෙසෙන පූජ්‍ය පඤ්ඤාකර හිමියන් හැඳින්විය හැකි ය. ථෙරවාද බෞද්ධ හිමිනමක් වන උන්වහන්සේගේ උපන් බිම වියට්නාමය යි. 2025 වසරේ ඇමෙරිකාවේ ටෙක්සාස් සිට වොෂින්ටන් ඩී.සී. අගනුවර දක්වා දින 108කදී සැතපුම් 2000 අධික දුරක් පා ගමනින් වැඩම කළ පූජ්‍ය පඤ්ඤාකර හිමි පිළිබඳව ලෝකය පුරා ම පාහේ කතා බහට ලක්විය.
ට්‍රම්ප්ගේ පාලනය යටතේ නීති විරෝධී ලෙස කොටස් වෙළෙඳාම සිදුව ඇති බවට සැකයක්
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ධූර කාලය පුරාවට ම ඔහු වෙළෙඳපොළට බලපෑ හැකි විවිධ නිවේදන නිකුත් කිරීමටත් පෙර සිට ම වෙළෙඳුන් ඒවා වෙනුවෙන් ඩොලර් මිලියන ගණනින් ඔට්ටු ඇල්ලීම නිරන්තරයෙන් දක්නට ලැබෙන දෙයක් බවට පත්ව තිබේ.
ශ්‍රී ලංකාවේ පිරිමි සහ කාන්තා සාක්ෂරතා අනුපාතය සම මට්ටමට: ස්ත්‍රී සාක්ෂරතා අනුපාතය 97% දක්වා ඉහළට
ශ්‍රී ලංකාවේ ලක්ෂ 4කට වැඩි පිරිසක් පාසල් අධ්‍යාපනය ලබා නොමැති බව 2024 ජන හා නිවාස සංගණන අවසන් වාර්තාවේ දක්වා තිබේ. එම වාර්තාවට අනුව, වයස අවුරුදු 25 හා ඊට වැඩි මුළු ජනගහනයෙන් 400,511 දෙනෙකු පාසල් නොගිය පිරිසට අයත් වන අතර ඉන් 136,168 දෙනෙකු පිරිමි සහ කාන්තාවෝ 264,343 දෙනෙකු වෙති.
අලුතින් එන ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත ගැන ඔබ දැනුවත් ද?
මෙතෙක් නිකුත් කළ ප්ලාස්ටික් මෝටර් රථ රක්ෂණ කාඩ් පත වෙනුවට මැයි 1 වන දා සිට ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත් පමණක් නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව මෝටර් රථ රක්ෂණ ව්‍යාපාරයේ නියැළී සිටින සියලු ම බලපත්‍රලාභී රක්ෂණකරුවන් වෙත දැනුම් දී තිබේ.
'HSBC ප්‍රධාන විධායක නිලධාරී පැවසූ පරිදි' ඉන්ධන බැරලයක් වෙනුවෙන් ශ්‍රී ලංකාව ඩොලර් 286ක් ගෙව්වා ද?
ඉරානයට එරෙහි ඇමෙරිකා-ඊශ්‍රායල යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස ආසියාවේ ඉන්ධන බැරලයක් සඳහා ගෙවන ලද මිල අවම වශයෙන් එක් අවස්ථාවකදී ඩොලර් 286ක් දක්වා ඉහළ ගොස් තිබූ බව HSBC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ජෝර්ජස් එල්හෙඩරි ඉකුත් අඟහරුවාදා හොංකොංහි පැවති ආයෝජන සංසදයකදී පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.





















































