“ඔන්තකේ” ගිනි කන්ද අවට සහන සේවා නවතී

ඡායාරූප මූලාශ්‍රය, AP

Published

ජපානයේ “ඔන්තකේ” ගිනි කන්ද පුපුරා යන අවස්ථාවේ එම ප්‍රදේශයේ සිටි කඳු නගින්නන්ගේ සිරුරු සොයා කෙරෙන මෙහෙයුම් එරට සහන සේවකයන් විසින් තාවකාලිකව නවතා දමා තිබේ.

කන්ද අවට සිදු වූ භූචලනයක් හේතුවෙන් තවත් පිපිරීමක් ඇතිවීමට ඉඩ ඇති බවට බලධාරීහු සැක පළ කරති.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

“ඔන්තකේ” ගිනි කන්ද තුළින් මතු පිටට විහිදෙන ඝනත්වයෙන් වැඩි අළු පැහැති දුම් හේතුවෙන් ඒ අසලට යෑම අවදානම් තත්වයක පවතී.

අනතුරු හැඟවීමකින් තොරව පුපුරා ගිය කන්ද අවට සිටි තිස් දෙනෙකු පමණ මියගොස් ඇති බව විශ්වාස කෙරේ.

ඝන දුමාරය හේතුවෙන් හුස්ම ගැනීමට නොහැකි වීම සහ පාෂාණ කැබලි ඔවුන් මත පතිත වීම හේතුවෙන් ඔවුන් මිය ගොස් තිබේ.