ගිනි කන්දේ දුමාරයෙන් ගුවන් ගමන් නවතී

ඩාර්වින් නගරය බලා යන හා ඉන් පිටත්වන සියලුම ගුවන්ගමන් ඇත හිටුවා ඇත

ඡායාරූප මූලාශ්‍රය, Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, ඩාර්වින් නගරය බලා යන හා ඉන් පිටත්වන සියලුම ගුවන්ගමන් ඇත හිටුවා ඇත
Published

ඉන්දුනීසියාවේ ගිනි කන්දකින් නැගුණු අති විශාල දුම් වලාකුළක් හේතුවෙන් උතුරු ඕස්ට්‍රේලියාවේ ඩාර්වින් නගරයට පැමිණෙන හා ඉන් පිටත් වන සියලු ගුවන් ගමන් සේවා අවලංගු කර ඇත.

සිකුරාදා පිපිරීමට පටන් ගත් සැන්ගීන් ගිනි කන්දෙන් නැගුණු අති විශාල දුම් කඳ ඉන්දුනීසියාවට දකුණු දෙසින් ඇති ඔස්ට්‍රේලියාව දෙසට ඇදෙමින් තිබේ.

වර්ජින් ඕස්ට්‍රේලියා, කුවන්ටාස් සහ ජෙට්ස්ටාර් යන ගුවන් සේවා සමාගම් විසින් ඩාර්වින් නගරයට යැවෙන හා ඉන් පිටත්වන සියලුම ගුවන්ගමන් අත් හිටුවනු ලැබ ඇත.

ඉදිරි දින වලදී අනෙකුත් ගුවන් තොටුපළ වලටද මෙය පැතිරී යාහැකි බවට බලධාරීන් විසින් අනතුරු අඟවා තිබේ.