තලෙයිබාන් පැහැර ගත් මහාචාර්යවරයාට නිදහස

තලෙයිබාන් රැඳවුම් භාරයේ සිටියදී

ඡායාරූප මූලාශ්‍රය, BBC World Service

ඡායාරූප ශීර්ෂ වැකිය, තලෙයිබාන් රැඳවුම් භාරයේ සිටියදී
Published

තලෙයිබාන් කැරලිකරුවන් විසින් බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි පකිස්තානයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රධානියෙක් වසර හතරකට පසු නිදහස ලබා තිබේ.

නිදහස ලැබූ මහාචාර්ය වරයා කියා සිටියේ තලෙයිබාන් වැසියන් තමන්ට කැරලිකරුවන්ගෙන් මිදී පළා යාමට උදව් කිරීමට කැමති බව පැවසුවද ඔවුන්ගේ ජීවිත වලට තලෙයිබාන් කණ්ඩායමෙන් එල්ල විය හැකි තර්ජන හේතුවෙන් කිසිවක් කිරීමට බිය වූ බවයි.

තලෙයිබාන් කණ්ඩායම විසින් පැහැර ගත් මහාචාර්ය අජ්මාල් ඛාන් හැට තුන් වන වියේ පසු වූ අතර ඔහු පකිස්තානයේ පේශාවර් නගරයේ 'ඉස්ලාමියා' විශ්ව විද්‍යාලයේ උප කුලපති වරයායි.

මහාචාර්යවරයා කියා සිටියේ තමා රඳවාගෙන සිටි තලෙයිබාන් කැරලිකරුවන් තමන්ට වද හිංසා නොකළ අතර ඔවුන්ගේ දරුවන්ට ඉගැන්වීමේ යෙදීමට තමන්ට අවස්ථාව ලබා දුන් බවයි.

රඳවා ගෙන සිටි වසර හතරක කාලය පුරා තමන් දරුවන් තිස් දෙකක පිරිසකට ඉංග්‍රීසි භාෂාව සහ ගණිතය ඉගැන්වූ බවයි ඔහු පවසන්නේ.

ආරක්ෂක අංශ මහාචාර්ය ඛාන් මුදවා ගත් බව ප්‍රකාශයට පත් කළත් මුදවා ගැනීමේ මෙහෙයුම් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ප්‍රකාශ කර නොමැත.