බංග්ලාදේශ් ඇඟලුම් කම්හලක මහ ගින්නක්

කම්හලේ දස මහල් ගොඩනැගිල්ල පුරාම ගින්න පැතිර ගොස් තිබේ
ඡායාරූප ශීර්ෂ වැකිය, කම්හලේ දස මහල් ගොඩනැගිල්ල පුරාම ගින්න පැතිර ගොස් තිබේ
Published

බටහිර රටවලට නිමි ඇඳුම් නිෂ්පාදනය කරන විශාලතම ඇඟලුම් කම්හලක හට ගත් ගින්නක් පිළිබඳව පරීක්ෂණ පවත්වමින් සිටින බව බංග්ලාදේශයේ පොලිසිය පවසයි.

ඩකා අගනුවර අසල පිහිටි කම්හලේ ගින්නෙන් කිසිවෙකුත් තුවාල ලැබූ බවට වාර්තා නැතත්, කම්හලේ දස මහල් ගොඩනැගිල්ල පුරාම ගින්න පැතිර ගොස් තිබේ.

වැඩි වැටුප් ඉල්ලා උද්ඝෝෂණයක යෙදුන සිය සහෝදර කම්කරුවන් දෙදෙනකු මරා දමා ඇති බව වාර්තා වීමෙන් අනතුරුව ඇඟලුම් කම්කරුවන් ඉවක් බවක් නොමැතිව කඩාකප්පල්කාරී ක්‍රියාවල යෙදුණ බවට පොලිසිය චෝදනා කරයි.