බංගලාදේශයේ විපක්ෂ නායිකා සහ අගමැතිනිය වාග් සටනක

bangladesh prime minister
Published

බංගලාදේශයේ විපක්ෂ නායිකා කාලිදා සියා සහ අගමැතිනි ශේක් හසීනා අතරේ ඇතිවුණු උණුසුම් සංවාදයක් රුපවාහිනි නාලිකාවක් ඔස්සේ විකාශනය කිරීම පිළිබඳව විපක්ෂය ආණ්ඩුවට දොස් නගා තිබේ.

පාර්ලිමේන්තු මැතිවරණය පිලිබඳව කතා කිරීමට මේ දෙදෙනා දුරකථන සංවාදයට එළඹී නමුත් කතා බහෙන් වැඩි වෙලාවක් ගතවුනේ දුරකථනය හරි හැටි ක්‍රියාත්මක වන්නේ දැයි විමසීමටයි.

බංගලාදේශයේ විපක්ෂ නායිකාව සහ අගමැතිනිය වැඩ වර්ජනයක් නතර කිරීම පිලිබඳවත් කතා කල නමුත් ඔවුන් හට එකඟතාවකට එළඹීමට නොහැකි විය.