සහරා කතර සංක්‍රමණිකයන්ට තහනම් කෙරෙයි

Published
සහරා කාන්තාරය ඔස්සේ ඇල්ජීරියාව දෙසට ගමන් ගනිමින් සිටි සීයකට අධික සංක්‍රමණිකයන් අත්අඩංගුවට ගත් බව නයිගර් බලධාරීහු ප්‍රකාශ කරති.
ඔවුන් පොලිස් සිර මැදිරිවල රඳවා ඇති බවයි, ප්‍රකාශ කෙරුණේ.
එවැනි පියවරක් ගනු ලැබුණේ, සහරා කාන්තාරයේ දී අනූවකට අධික සංක්‍රමණිකයන් පිරිසක් පසුගිය දා පිපාසයෙන් මරණයට පත් වීමේ ඛේදවාචකයෙන් පසුවයි.
ඇල්ජීරියාවට හෝ යුරෝපයට පිවිසීමේ අරමුණින් සහරාව ඔස්සේ ගමන් ගනිමින් සිටි එම කණ්ඩායමේ මළසිරුරු අතර වැඩිවශයෙන් දක්නට ලැබුණේ ළමුන්ගේ සහ කාන්තාවන්ගේ මළසිරුරු බවත් වාර්තා වුණි.
තම භූමියේ, උතුරු කලාපයේ පවත්වා ගෙන යන සියලුම අනවසර සංක්‍රමණික කඳවුරු වසා දමන බව පවසන නයිගර් ආණ්ඩුව, මිනිසුන් රටින් රටට පැටවීමේ ජාවාරමේ නිරතවූවන් අධිකරණය ඉදිරියට ගෙන එන බවත් කියා සිටියි.
























