ආන්ද්‍රා ප්‍රාන්තයේ මහා වැඩ වර්ජනයක්

ගිනි දැල් වූ ටයර් දමා මහා මාර්ග අවහිර කර තිබූ අතර ඒවා ඉවත් කිරීමට පොලිසිය යොදවා තිබුණි.
ඡායාරූප ශීර්ෂ වැකිය, ගිනි දැල් වූ ටයර් දමා මහා මාර්ග අවහිර කර තිබූ අතර ඒවා ඉවත් කිරීමට පොලිසිය යොදවා තිබුණි.
Published

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රාන්තයේ මහා වැඩ වර්ජනයක් ආරම්භ වී තිබේ.

ආන්ද්‍රා ප්‍රාන්තය දෙකඩ කර තෙලන්ගානා නමින් අලුත් ප්‍රාන්තයක් නම් කිරීමට ගෙන ඇති පියවරට විරෝධය පාමිනුයි මෙම වර්ජනය දියත් වන්නේ.

තෙලිඟු භාෂාව කතා කරන ආන්ද්‍රා ප්‍රාන්ත ජනතාව බෙදී වෙන් වන බවයි විරෝධතා කරුවන් කියා සිටින්නේ.

නමුත් වෙන් වීමට සහයෝගය දක්වන්නන් කියා සිටින්නේ ඔවුන් ජීවත් වන දිස්ත්‍රික්ක දහයක් මහ ආණ්ඩුව විසින් නො සලකා හැර ඇති බවයි.

ගිනි දැල් වූ ටයර් දමා මහා මාර්ග අවහිර කර තිබූ අතර ඒවා ඉවත් කිරීමට පොලිසිය යොදවා තිබුණි.