හිංසනයට ලක් වූ දිල්ලියේ මෙහෙකාර දැරියක බේරා ගැනේ

Published

ඉන්දියාවේ දිල්ලි නුවර නිවසක සිටි මෙහෙකාර දැරියක කැපුම් තුවාල සහ බල්ලෙකු විසින් සපා කෑමෙන් ලද තුවාල සහිතව රෝහල් ගත කර තිබේ.

ඉහත සඳහන් දැරිය බේරා ගත් ආධාර සේවකයා කියා සිටියේ සිය සේවා කාලය තුළ දුටු ඛේදනීය ම සිද්ධිය මෙය බවයි.

මේ සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය පොලිසිය පවසන්නේ.

මෙහෙකාර සේවයේ තබා ගෙන සිටි මෙම දැරිය පහළොස් වියැති බවට විශ්වාස කෙරෙන අතර ඇය නීති විරෝධී ලෙස රඳවා තබා ගෙන සිටියේ මධ්‍යම පාන්තික නිවෙසක යි.