ඔබ ජීවත් වන කාලය දැනගමු

Life Expectancy
Published

ලෝකය පුරා පුද්ගලයන්ගේ අපේක්ෂිත ආයු කාලය වැඩි වෙමින් පවතී. 2016 දී උපත ලැබූ දරුවන් ඉන් වසර 25කට ඉහත දී උපත ලැබූ පුද්ගලයන්ට වඩා වසර හතකට ආසන්න කාලයක් වැඩිපුර ජීවත් වේ.

පහත ගණකයේ ඔබේ දත්ත ඇතුළත් කළ පසු, ඔබේ රටේ, සම වයසේ පසුවන කාන්තාවක හෝ පුරුෂයෙකුගේ ආයු කාලය මෙන්ම ඔබ සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීමට බලාපොරොත්තු වන කාලය ද දැනගත හැකිය.

ලොව සාමාන්‍ය අපේක්ෂිත ආයු කාලය උපතේ සිට අවුරුදු 72 කි. පුරුෂයෙක් වසර 70 ක් සහ කාන්තාවක් වසර 75 ක් දක්වා ජීවත් විය හැකිය. නමුත්, මෙය වයස අනුව වෙනස් වේ. උදාහරණයක් ලෙස, අවුරුදු 69 ක පුද්ගලයෙක් තවත් වසර 17 ක් පමණ ජීවත් විය හැක.

අපේක්ෂිත ආයු කාලය පෙන්වන ගණකය ඔබේ උපාංගයෙහි නිසියාකාරව ක්‍රියාත්මක නොවන්නේනම්, මෙතැනින් යළි පිවිසෙන්න

අපේක්ෂිත ආයු කාලය ඔබේ වයස අනුව වෙනස් වන්නේ කෙසේද?

පුද්ගලයෙකුගේ වයස, ස්ත්‍රී පුරුෂභාවය සහ රට අනුව අපේක්ෂිත ආයු කාලය ගණනය කරනු ලැබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුයුක්ත 'ද ග්ලෝබල් බර්ඩ්න් ඔෆ් ඩිසීස්' (The Global Burden of Disease) ආයතනය විසින් අපේක්ෂිත ආයු කාලය මනිනු ලබන්නේ යම් රටක විවිධ වයස්වල සිටින පුද්ගලයන්ගේ මරණ අනුපාතය ද සැලකිල්ලට ගනිමිනි.

අපේක්ෂිත ආයු කාලය එක් එක් පුද්ගලයාගේ වයස අනුව වෙනස් වන අතර පුද්ගලයෙකු ජීවත් වීමට අපේක්ෂා කරන කාලය මෙහිදී ගණනය කරනු ලැබේ.

උදාහරණයක් ලෙස 2016 දී මෙක්සිකෝවේ ඉපදුණ ගැහැණු ළමයෙකු වයස 79ක් දක්වා ජීවත් වනු ඇත. කෙසේ වෙතත්, 2016 වර්ෂයේදී වයස 65ක කාන්තාවක් අවුරුදු 84 දක්වා ජීවත් වේ. ඇය ඒ වන විටත් වයස 65ක් ජීවත්ව සිටි නිසා ඇයගේ අපේක්ෂිත ආයු කාලය වැඩි වන අතර තවත් වසර විස්සක් පමණ ජීවත් වීමට ඉඩ ඇත.

අපේක්ෂිත ආයු කාලය මනින ගණකය නිර්මාණය වූයේ කෙසේද?

මෑතකදී (2016) එළිදක්වන ලද දත්ත උපයෝගී කරගෙන මෙම ගණකය නිර්මාණය කර තිබේ.

පුද්ගලයෙකුගේ වයස, ස්ත්‍රී පුරුෂභාවය සහ රට පදනම්ව යමෙකු ජීවත්වීමට අපේක්ෂා කෙරෙන වසර ගණන අපේක්ෂිත ආයු කාලය නම් වේ. 'ඔබගේ ජීවිතයේ ඉතිරි කාලයෙන් කොපමණ කලක් සෞඛ්‍ය සම්පන්නව සිටීද?' යන්න පුද්ගලයෙකු සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීමට බලාපොරොත්තු වන වසර සංඛ්‍යාව සමග ගණනය කර, ඔවුන්ගේ ජීවිතයේ ඉතිරි වසරවල‍ ප්‍රතිශතයක් ලෙස පෙන්වයි. අවසාන ප්‍රතිපලය නිකුත් කරන්නේ පුද්ගලයෙකුගේ ඉතිරි ජීවිත කාලය තුළ මරණයට පත් වීමේ හෝ ආබාධිත තත්වයට පත් වීමේ ප්‍රවනතාව ද සැලකිල්ලට ගෙනය.

ඒ අනුව, කිසියම් අපේක්ෂිත විද්‍යාත්මක දියුණුකිරීම් හෝ වෛද්‍ය ප්‍රතිකාරවල වැඩි වර්ධන මෙහිදී අවධානයට ලක් කර නැත.

මූලාශ්‍රය: Global Burden of Disease Study 2016, සම්බන්ධීකරණය කරන ලද්දේ සෞඛ්‍ය දත්ත සහ ඇගයීම් ආයතනය

මෙම ගණකය නිර්මාණය කරන ලද්දේ ටොම් කැල්වර්, නස්සොස් ස්ටයිලිනෝ, බෙකී ඩේල්, නික් ට්‍රිග්ල්, රැන්සම් ම්පිනි, ප්‍රීනා ෂා, ජෝ රීඩ් සහ එලිනෝ කීන් විසිනි.

මේ තොරතුරුද කියවන්න:

Skip කෙටි වීඩියෝ and continue reading

කෙටි වීඩියෝ

  • සරණ ගුණවර්ධනට බරපතළ වැඩ සහිත සිරදඬුවම්
  • ඉරාන ජනතාව ප්‍රීති ඝෝෂා නැගූ අයුරු
  • ට්‍රම්ප්ගේ බෑණගේ සුඛෝපභෝගී දූපත් නිවාඩු නිකේතයට එරෙහිව අඛණ්ඩ විරෝධතා
  • පිලිපීනයට ප්‍රබල භූ කම්පනයක්: තිදෙනෙක් මරුට
  • ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාර
  • FIA Formula 3 තරග බිමේදී ලොව අවධානය දිනා ගත් ශ්‍රී ලාංකික යොවුන් මෝටර් රථ ධාවක යෙවාන් ඩේවිඩ්
  • කාන්තවක් සහ පිරිමියෙකු පඩි පෙළක් මත සිටින ආකාරය පෙනේ.
  • නිල් පාට කබායක් ඇඳගෙන සිටින අයෙකු අත්දෙකෙන් මුහුණ වසාගෙන බිම නිදාගෙන සිටී.
  • 'මේ ට්‍රේන් එක යන්නේ අපි කතාවට කියනවා නාකි බල්ලෝ කොළඹ යනවා කියලා. ඒ විදියේ ගමනක් තමයි මේ යන්නේ'
  • යෝජිත ඇමෙරිකානු ඉබෝලා නිරෝධායන මධ්‍යස්ථානයකට එරෙහිව කෙන්යාවේ නොසන්සුන්තාවක්
  • ඔබේ දරුවා මෙනින්ජයිටිස් රෝගයෙන් ආරක්ෂා කර ගන්නේ කොහොම ද?
  • ක්‍රීඩකයෙක් දිග කුරක් වැනි හෙල්ලයක් රැගෙන දුවගෙන යන අයුරු පෙනේ.
  • ඉරාන සම්බාධක උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් එක්සත් ජනපදය තෙල් නැවකට පහර දෙයි
  • Fifa ලෝක කුසලානය සඳහා පාපන්දු කණ්ඩායම් උතුරු ඇමෙරිකාවට පැමිණීම අරඹයි
  • නිවසක් ගිනි ගන්නා අයුරු පෙනේ.
  • කුවේට් ගුවන් තොටුපළට එල්ල වූ ඉරාන ප්‍රහාර හේතුවෙන් ගුවන් ගමන්වලට බාධා
  • රෝගීන්ට සහ පවුල්වලට පහසුකම් දුන් දිල්ලියේ ලැගුම්හලක ඇති වූ ගින්නකින් 21ක් මරුට
  • හොරණ බටගොඩ 'සෙනහසේ කැදැල්ලේ ගින්න'
  • හොරණ - අඟුරුවාතොට වැඩිහිටි නිවාසයක ගින්නක්
  • සුපිරි එල් නිනෝව හරහා ශ්‍රී ලංකාවට නව කාලගුණ අර්බුදයක් ඇති වෙයි ද?

ජනප්‍රිය ලිපි