BBC News, සිංහල - ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත
ශ්‍රී ලාංකිකයන්ට On-Arrival වීසා මගින් තායිලන්තයට ඇතුළුවීමට දී තිබූ අවස්ථාව අහිමි වුණේ ඇයි?
තායිලන්තයේ බැංකොක් නුවර ඇතුළු සංචාරක ගමනාන්ත කිහිපයක් ම ශ්‍රී ලංකික සංචාරකයන්ගේ ද ජනප්‍රිය සංචාරක ගමනාන්ත වේ. 2024 වසරේ සිට ශ්‍රී ලාංකිකයන්ට දින 60ක් දක්වා ලබා දී තිබූ වීසා නිදහස් කාලසීමාව ඒ අනුව සැප්තැම්බර් 15 දිනෙන් පසු අවලංගු වන අතර, ඉන්පසුව ශ්‍රී ලංකික විදේශ ගමන් බලපත්‍රයක් ඇති ඔබ තායිලන්ත සංචාරයක නිරත වීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ සඳහා සංචාරයට පෙර වීසා අයදුම් කිරීම සිදු කළ යුතු ය.
'විනිසුරු ලවා දඬුවම අඩු කරලා දෙන්නම්': සරණ ගුණවර්ධනගේ බිරිඳගෙන් අල්ලස් ගත් බව කියන අධිකරණ සහයකයෙකු රිමාන්ඩ්
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් එහි වාහන අවභාවිත කිරීමේ චෝදනා 18කට වරදකරු වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව ඇති තවත් අල්ලස් නඩුවකදී විනිසුරුවරයාගෙන් අඩු දඬුවමක් ගෙන දීමට බව පවසා ඔහුගේ බිරිඳගෙන් රු. ලක්‍ෂ 7 1/2ක අල්ලසක් ගත් බව කියමින් අධිකරණයට ඉදිරිපත් කළ මහාධිකරණ විනිසුරුවරයකුගේ සහයකයෙකු (ආරච්චි) වශයෙන් සේවය කළ පුද්ගලයකු සැප්. 22 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග බෝදරගම නියෝග කළේ ය.
වසර 38කට පසු ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයෙකු ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට පැමිණෙන්නේ ඇයි?
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං අද (සැප්: 8) සිට සැප්තැම්බර් 10 වන දා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වෙයි. ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං, එරට ආණ්ඩුවේ මෙන් ම පාලක භාරතීය ජනතා පක්ෂයේ දෙවන ජ්‍යෙෂ්ඨතම දේශපාලඥයා ලෙස සැලකේ. ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ගුවන් ආරක්ෂණ පද්ධති සම්බන්ධයෙන් ඇතිවිය හැකි සහයෝගීතාවය පිළිබඳව අවධානය යොමු කෙරෙනු ඇති බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශයේ මූලාශ්‍ර උපුටා දක්වමින් 'ද හින්දු' වෙබ් අඩවිය වාර්තා කර සිටියි.
එ.ජා. මානව හිමිකම් කොමිසමේ නවතම වාර්තාවෙන් හෙළි වන ප්‍රධාන කරුණු 5ක්
ජනවාර්ගික හා ආගමික දේශපාලනය ප්‍රතික්ෂේප කිරීම සහ සංහිඳියාව සඳහා ජනාධිපති අනුර කුමාර දැක්වූ කැපවීම පෙර පැවති ආණ්ඩු සමග සැසඳීමේදී කැපී පෙනෙන වෙනසක් සනිටුහන් කළ නමුත් වෙනස්කම් සඳහා වූ ගමන් වේගය තවමත් නීතිමය හා ආයතනික ප්‍රතිසංස්කරණවලට පරිවර්තනය වී නොමැති අතර, සත්‍ය සෙවීම හා ප්‍රතිසන්ධානය සඳහා වූ උත්සහයන් බොහෝ දුරට නවතා ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක්ගේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ නවතම වාර්තාව පවසයි.
'මට ඔසප් වීම ආරම්භ වුණේ වයස අවුරුදු 6දී - ඒකට හේතුව වෛද්‍යවරුන්වත් දැනගෙන හිටියේ නෑ'
මේ වන විට 26 හැවිරිදි ගැබී අකල් ලිංගික පරිණතවීම (Central Precocious Puberty - CPP) ලෙස හඳුන්වන තත්ත්වයෙන් පෙළුණු බවට හඳුනාගනු ලැබුවා ය. එය ගැහැනු දරුවන්ගේ වයස අවුරුදු 8ට පෙර හෝ පිරිමි දරුවන්ගේ වයස අවුරුදු 9ට පෙර යෞවනභාවය ආරම්භ වන තත්ත්වයකි.
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?
අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
වෘත්තීය සහ දිවිමග
විශේෂාංග
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය: මෙතෙක් සිදුවූයේ කුමක් ද?
2026 ජූලි 11 වන දා පැවති අධිකරණ සේවා සංගමයේ රැස්වීමට එහි සාමාජිකයින් 65 දෙනෙකු සහභාගි වූ අතර එහිදී පැවති රහසිගත ඡන්ද විමසීමේදී එම සියලු දෙනා අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීමට විරුද්ධව සිය මතය ප්‍රකාශ කර තිබිණි.
නැගෙනහිර වෙරළේ ඛනිජ වැලි: රටේ ඊළඟ විශාල අපනයන සම්පත ද? තවත් පාරිසරික අර්බුදයක් ද?
අපනයන වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් ප්‍රධාන වශයෙන් කැණීම් සිදු කිරීමට බලාපොරොත්තු වන මෙම ඛනිජ වැලි කැණීම්, ඒ සඳහා බලපත්‍ර ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින සමාගම්වලට අනුව ඩොලර් බිලියනයක පමණ විදේශ විනිමයක් ශ්‍රී ලංකාවට ගෙන එන කර්මාන්තයකි. කෙසේ නමුත් මෙයින් ඇති විය හැකි පාරිසරික බලපෑම මේ ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වන ජනතාවගේ ජන ජීවිතයට බලපෑමක් සිදු කරනු ඇති බවට එම ජනතාව සැක පළ කරති.
එල්නිනෝ: 'වැස්සේ නැත්නම් ඉතින් මේ අවුරුද්ද ජීවත් වෙන්න වෙන්නේ නෑ අපිට'
"මේ නියඟය නම් දරුණුයි අපිට සෑහෙන්න, රෑට ඉන්නත් බැහැ, දවල්ට ඉන්ත් බැහැ කොහොමටවත් දෙයියනේ," යැයි මොනරාගල, කොටියාගල ප්‍රදේශයේ පදිංචි ඩී.එම්. කරුණාවතී බීබීසී සිංහල වෙත පැවසුවා ය. කරුණාවතී සහ පුංචිරාළ යුවළ පදිංචිව සිටින්නේ, මොනරාගල කොටියාගල කරකොළගස්පිටිය ප්‍රදේශයේ යි. දරුවන් 5 දෙනෙකුගේ මවක් වන ඇය දැන් දිවිගෙවන්නේ සිය ස්වාමිපුරුෂයා සහ අවිවාහක පුතු සමග යි.
කොළඹ සහ ගම්පහ පැය ගණනක් වතුර කැපීමට හේතුවූ රසායනික ද්‍රව්‍ය කාන්දුව ගැන මේ තොරතුරු දැන සිටියා ද?
පානීය ජලය සඳහා පිරිපහදු කිරීමට ගන්නා කැලණි ගඟෙහි ජලයේ ගුණාත්මකභාවය පිළිබඳව මතු වූ සැකයක් හේතුවෙන් සඳුදා (අගෝ: 24) රාත්‍රියේ සිට කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල සැපයුම තාවකාලිකව අත්හිටුවනු ලැබ තිබිණි.
අහංගම වෙරළ තීරයේ ඇත්තට ම සිදු වුණේ කුමක් ද? ඉදිරියේදී සිදු කිරීමට යන වෙනස්කම් මොනවා ද?
"සාමාන්‍යයෙන් දෙසැම්බර් මාසයේදී මිරිස්ස වෙරළ තිරයේ මනුස්සයෙක්ට ඇවිදගෙන යන්න බැහැ. මුහුදු වෙරළේ පුටු වගේම බංකර් බෙඩ් එහෙම තියලා තියෙන නිසා. අපි කියන්නේ නැහැ වෙරළ තීරයේ කිසිම දෙයක් කරන්නෙපා කියලා. නමුත් යම් සීමාවක් තියෙන්න ඕන. සාමාන්‍ය මිනිසුන්ට වෙරළට ඇවිල්ලා පරිසරය ඇවිදිලා ඉන්න ඉඩක් තියෙන්න ඕන. මේ නිසා අපි ඉදිරියේදී වෙරළ තීරයේ යම් සීමාවන් පනවනවා පුටු වගේම බංකර් බෙඩ්ස් තියන්න පුළුවන් ප්‍රමාණවල් ගැන."



















































