BBC News, සිංහල - ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත
ඉන්දීය අධ්‍යාපන ඇමති ධර්මේන්ද්‍ර ප්‍රධාන් ඉල්ලා අස්වෙයි: විභාග අක්‍රමිකතාවකට එරෙහිව ඇරඹුණු දේශපාලන ගමනක දෛවෝපගත අවසානය
ඉන්දියාවේ අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් ඉල්ලා අස්වී තිබේ. ඒ, ඔහුට එරෙහිව කැරපොතු ජනතා පක්ෂය සති කිහිපයක් තිස්සේ දිල්ලියේ ජන්තර් මන්තර්හිදී විරෝධතාවල නිරත වී සිටින පසුබිමක ය. ප්‍රශ්න පත්‍ර කලින් පිටවීමක් සම්බන්ධයෙන් ඉල්ලා අස්වූ ධර්මේන්ද්‍ර ප්‍රධාන් ද දශක කිහිපයකට පෙර ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම සම්බන්ධයෙන් පැවැත්වූ විරෝධතාවල සාමාජිකයෙකු වීම සහ ඔහු ද එම විරෝධතාවලදී පොලිස් ප්‍රහාර හේතුවෙන් තුවාල ලැබූ අයෙකු වීම දෛවෝපගත සිදුවීමකි.
හොර්මූස් සමුද්‍ර සන්ධියේදී ඇමෙරිකාවෙන් ඉන්ධන නෞකාවකට ප්‍රහාරයක්: සෞදිය සහ හූති කැරලිකරුවන් අතර ගැටුමක්
ඉරානයේ සහය ලබන හූති කැරලිකරුවන් විසින් සමුද්‍රීය අවහිරයක් ප්‍රකාශයට පත් කර සෞදි නෞකාවලට ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව, සෞදි අරාබිය සිකුරාදා (ජූලි 24) යේමනයේ හොඩෙයිඩා (Hodeida) වරාය නගරයේ සහ ඒ ආසන්න දූපතක පිහිටි හූති ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කළේ ය. ජිසාන් නගරය වෙත එල්ල වූ මිසයිල ප්‍රහාරයක වගකීම හූති කැරලිකරුවන් භාර ගැනීමත් සමග, සෞදි බලධාරීහු ජිසාන් පළාත සඳහා හදිසි අනතුරු ඇඟවීම් නිකුත් කළහ.
බාබ් අල්-මන්දාබ් සමුද්‍ර සන්ධිය: හූති තර්ජන හමුවේ රතු මුහුදේත් නාවික ගමනාගමනය නවතියි ද?
ඉරානයේ මිත්‍ර පාර්ශව විසින් රතු මුහුදේ වැදගත් නාවික ප්‍රවාහන මාර්ගයකට එල්ල වී ඇති තර්ජන හේතුවෙන් ගෝලීය වෙළෙඳාමට තවදුරටත් බාධා ඇති විය හැකි බවට වන කණස්සල්ල මතුව තිබේ. ඉරානය දැනටමත් හෝමූස් සමුද්‍ර සන්ධිය ප්‍රායෝගිකව වසා දමා ඇති අතර, ඒ හේතුවෙන් පර්සියානු බොක්ක ආශ්‍රිතව නෞකා පිටවීම අඩාළ වී ඇත. එහෙත් දැන්, මැද පෙරදිග පිහිටි එහි ප්‍රධාන මිත්‍ර කණ්ඩායම් අරාබි අර්ධද්වීපයේ අනෙක් පැත්තේ පිහිටි මුහුදු මාර්ගයක තවත් යුද්ධ පෙරමුණක් විවෘත කරන බවට තර්ජනය කරමින් සිටී.
Port Cityහිදී පැහැර ගැනුණු චීන ජාතිකයෙකුගේ ඝාතනය ගැන බීබීසීයට මෙතෙක් අනාවරණය වූ කරුණු
චීන ජාතිකයින් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමට හේතුව සොයා වැඩිදුරටත් විමර්ශන සිදුකරමින් සිටින බවත්, දැනට අනාවරණය වන කරුණු අනුව මෙය මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් කලක පටන් පවතින ආරවුලක් බවට පෙනීයන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු.වුට්ලර් බීබීසී සිංහල වෙත කියා සිටියේය.
'මහින්ද රාජපක්ෂගේ ගෙදර විදුලිය නොකපා මගේ ගෙදර විදුලිය කැපුවේ ඇයි?' - පාරිභෝගිකයෙකුගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්
2019 වසරේදී වීරකැටියේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිවසේ පැවති ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ විවාහ උත්සවය සඳහා භාවිත කළ විදුලිය වෙනුවෙන් ගෙවිය යුතු ගාස්තු ගෙවීම පැහැර හැරීම තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම දෙසැම්බර් මස 4 වන දා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූලි 24) දින නියම කළේ ය.
'මම ගැබ් අරගෙන කියලා මටත් කලින් මගේ ෆිට්නස් ට්‍රැකර් එක දැනගෙන හිටියා'
ෆිට්නස් ට්‍රැකර් උපාංග ඔස්සේ කල් තියා මෙම ලක්ෂණ නිරීක්ෂණය වන බව පවසන සිය ගණනක් වූ කාන්තාවන් අතරින් රවිකා ද එක් අයෙකි. ස්මාර්ට් මුදු, ස්මාර්ට් ඔරලෝසු සහ පපුවේ පළඳින ට්‍රැකර් ඇතුළු ෆිට්නස් ට්‍රැකර් උපාංග එක්සත් රාජධානිය තුළ ශීඝ්‍රයෙන් ජනප්‍රිය වී ඇත. YouGov පර්යේෂණයකට අනුව, 2026 ජනවාරි මාසය වන විට බ්‍රිතාන්‍යයේ වෙසෙන වැඩිහිටියන්ගෙන් 36%ක් ෆිට්නස් ට්‍රැකර් උපාංගයක් තමන් සතුව තබාගෙන භාවිත කර ඇත. එය 2019 ජූලි මාසයේ පැවති ප්‍රතිශතය මෙන් දෙගුණයකට ආසන්න ගණනකි.
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?
අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
වෘත්තීය සහ දිවිමග
විශේෂාංග
මූලික අයිතිවාසිකම් කඩවීමකදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරන්නේ කෙසේ ද?
මූලික අයිතිවාසිකම් යනු අපට ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා ම සහතික කර ඇති අයිතීන් ය. ඒවා විධායකය හෝ රජය නිලධාරීන් අතින් කඩවූ අවස්ථාවක ඒ වෙනුවෙන් යුක්තිය ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමේ අවස්ථාව ඔබට තිබේ. ඒ සඳහා අනුගමනය කළ යුතු පියවර මොනවා ද?
සුරේෂ් සලේ වෙනුවෙන් දින 7ක් කළ කරුණු දැක්වීම අවසන්: අධිකරණයේදී සිදුවූයේ කුමක් ද?
"ස්වාමීනී... පෙත්සම්කාර සුරේෂ් සලේගේ මව කිතුණු භක්තික කාන්තාවක්. ඇය අධිකරණයට පැමිණ සිටිනවා. පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල වූ දින ඇය නුගේගොඩ කිතුණු දේවස්ථානට ගොස් තිබුණා. ඇය දරුවන් තුන් දෙනෙකු යුද හමුදාවට භාරකර තිබෙනවා. ඔවුන් අද අධිකරණයට පැමිණ සිටිනවා. මෙම පෙත්සම්කරු සෑම අඟහරුවාදා දිනක ම සිය මව සමග ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයට යන කෙනෙක්. මෙවැනි පුද්ගලයෙකු කිතුණු දේවස්ථානවලට පහර දීමට සැලසුම් කරයි ද? ස්වාමීනි..."
ලෝකයට නැතිවම බැරි මෙට්‍රෝ දුම්රිය ශ්‍රී ලංකාවට නොගැළපෙනවා ද?
මෙට්‍රෝ (metro), සබ්වේ (subway), ටියුබ් (tube) , අන්ඩර්ග්‍රවුන්ඩ් (underground) හෝ MRT යනු දියුණු රටවල වෙසන බොහෝ දෙනෙකුට නුහුරු නුපුරුදු දෙයක් නොවේ. ඒවා එම ජනතාවගේ ජීවිත හා බැඳුණු නැතිවම බැරි සේවාවකි. එම රටවල මහජනතාවගේ දෛනික ජීවිතයේ ප්‍රවාහන අවශ්‍යතා සපුරා ලන්නේ, මෙම දුම්රිය සේවවාන්ය.
'මායාවන්ගෙන් සහ මනුෂ්‍යත්වයෙන් පිරුණු' The Odyssey චිත්‍රපටය ගැන ඔබ දැනගත යුතු කරුණු 5ක්
මැට් ඩේමන්, ඈන් හැතවේ සහ ටොම් හොලන්ඩ් රංගනයෙන් දායක වන, ක්‍රිස්ටෝපර් නෝලන්ගේ ශ්‍රේෂ්ඨ සිනමා නිර්මාණය සිනමාහල් තුළ ප්‍රදර්ශනය වෙමින් පවතින මොහොතක මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ චිත්‍රපටය ගැන ඔබ දැන සිටිය යුතු විශේෂ කරුණු 5ක් පිළිබඳව ය.
දියර කිරි, සබන් සහ සනීපාරක්ෂක තුවාවලට අලුත් ම නීති
පාරිභෝගික භාණ්ඩ කිහිපයකට අදාළව නව නීති හඳුන්වා දීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ. ඒ අනුව සබන්, සැකසු දියර කිරි සහ සනීපාරක්ෂක තුවා සම්බන්ධව මෙසේ නව රෙගුලාසි කිහිපයක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇත.




















































