BBC News, සිංහල - ප්රධාන පුවත්
ප්රධාන පුවත
කොළඹ වරායේ ඩොලර් මිලියන 390ක ලොජිස්ටික් ව්යාපෘතියෙන් චීන සමාගමක් ඉවත් වුණේ ඇයි?
"මේ ප්රොජෙක්ට් එක 2023 වෝට් කරලා තියෙන්නේ. හැබැයි 2023 දී එයාලා ඒකට වෝට් කරාට එතනින් එහාට කිසිම දෙයක් කරලා තිබුණේ නැහැ. ලොජිස්ටික්ස් හබ් එකේ වැඩ කටයුතු ඉස්සරහට ගෙනියන්නේ නැති නිසා. මේකට මුදල් යොදවන්න මේ චීන සමාගමයි, ඇක්සස් ඉංජිනේරින් එකයි, ඊට පස්සේ ශ්රී ලංකා වරාය අධිකාරියයි.
කාවන්තිස්ස ඇතාගේ 'මරණයෙන්' පසු මෙතෙක් ඔබ දැනගත යුතු සියලු කරුණු
'කාවන්තිස්ස ඇතාට' වෙඩි තැබීමේ සිද්ධියෙන් අත්අඩංගුවට ගත් නිපුණතා සංවර්ධන නිලධාරියා ඇතුළු සැකකරුවන් ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු, සියලු අලි ඇතුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ක්රියාමාර්ග ගැනීමට බලධාරීන්ගේ අවධානය යොමුව ඇත.
ශ්රී ලංකා විදේශ සේවයට අයදුම් කිරීමට නොහැකි වූ ඔබට අවස්ථාවක්: වයස් සීමාව 35 දක්වා ඉහළට, ඔක්: 30 දක්වා අයදුම් කළ හැකි යි
ශ්රී ලංකා විදේශ සේවයේ III වැනි ශ්රේණියට බඳවා ගැනීමේ තරග විභාගය සඳහා නිකුත් කර තිබූ ගැසට් නිවේදනය සංශෝධනය කර තිබේ. ඒ අනුව, අයදුම් කළ හැකි වයස් සීමාව 35 දක්වා ඉහළ දමා තිබේ. අයදුම්පත් භාරගන්නා අවසන් දිනය 2026 ඔක්තෝබර් 30 දක්වා දීර්ඝ කර තිබේ.
රට පුරා විදුලිය බිඳ වැටීමට බලපෑ සිද්ධිය හෙළි වෙයි: අද සිට දින 3ක් පැයක විදුලි කප්පාදුවක්
සති අන්තයේ රට පුරා විදුලිය බිඳ වැටීමට හේතු වූයේ, නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ඇති වූ ගැටලුවක් බවට දැනට හඳුනාගෙන ඇතැයි වරාය, සිවිල් ගුවන් සේවා හා බලශක්ති අමාත්ය අනුර කරුණාතිලක බීබීසී සිංහල සේවයට පැවසීය.
මහනුවර, අකුරණ මාරාන්තික අනතුර: ඇසින් දුටුවන් හෙළි කළ තොරතුරු; මෙතෙක් දන්නේ මොනවා ද?
මහනුවර, අකුරණ ප්රදේශයේ වාහන කිහිපයක් එකිනෙක ගැටීමෙන් අද පෙරවරුවේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අකුරණ, කුරුගොඩ හන්දිය ප්රදේශයේ අද (ඔක්: 19) පෙරවරුවේ මෙම අනතුර සිදුවිය. සිමෙන්ති පැටවූ ලොරි රථයක් මාර්ගයේ ධාවනය වෙමින් තිබූ වාහන කිහිපයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්ය ද?
අවම ඩේටා ප්රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
වෘත්තීය සහ දිවිමග
විශේෂාංග
Elephant X: සිය අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණයට ගිය ශ්රී ලංකාවේ අලියා
2025 පෙබරවාරි 19 වන දා රාත්රියේ කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ 'මීනගයා' දුම්රියේ අලි රංචුවක් ගැටීමෙන් සිදුවූ එම අනතුරෙන් අලින් සහ කෙනෙරුන් 6 දෙනෙක් මිය ගියහ. නැවත මෙවැනි සිදුවීම් සිදුවීම් ඇති නොවීමට අදාළව ගත යුතු පියවර ගැනීම සම්බන්ධයෙන් නියෝගයක් ලබා ගැනීමේ අරමුණින් 'X' නැමති අලියෙකු අදාළ පෙත්සමේ දෙවන පෙත්සම්කරු බවට පත්කර තිබේ.
ශ්රී ලංකා ආර්ථිකය වැදගත් කඩඉමක් පසුකරයි: මීළඟ පිබිදීමට ලෝක බැංකුව කර ඇති යෝජනා මොනවා ද?
ශ්රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ළඟා වෙමින්, සුවිශේෂී කඩඉමකට පැමිණ ඇතැයි, ලෝක බැංකුව පවසයි. ශ්රී ලංකා සංවර්ධන යාවත්කාලීන වාර්තාවට අනුව, මෙරට දළ දේශීය නිෂ්පාදිතය (GDP) මෙම වසරේදී 4.4% කින් වර්ධනය වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. මෙය මීට පෙර අපේක්ෂා කළ මට්ටමට වඩා ඉහළ යාමකි.
සිර දඬුවම් ලැබූ ඥානසාර හිමිගේ සිවුර ඉවත් කළේ ඇයි? විවිධ රැඳවියන්ට හිමි ඇඳුම් මොනවා ද?
අභියාචනාධිකරණය විසින් දෙන ලද තීන්දුවක් අනුව ඔක්තෝබර් 05 වන දා සිරගත කළ එහිමියන් ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්රකාශයක් කළ බවට චෝදනා කරමින් ගොනු කර ඇති නඩුවක් සඳහා අද (ඔක්: 06) යළිත් අධිකරණය වෙත රැගෙන එන ලදී. සිර දඬුවම් ලබන ඥානසාර හිමි සුදු පැහැති අත් දිග කමිසයකින් සහ සුදු සරමකින් සැරසී අධිකරණය වෙත රැගෙන එනු දක්නට ලැබිණි.
ශ්රී ලංකාවේ ආයෝජනයට විදෙස් ආයෝජකයන් 'තවමත් බය' ඇයි? ඇමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව හෙළි කරන හේතු
2025 වසරේදී ශ්රී ලංකාවට ලැබුණු ඍජු විදෙස් ආයෝජන ප්රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.06ක් වූ අතර, එය දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 1කට ආසන්න ප්රමාණයක් වන අතර මෙය නැගී එන ආර්ථික තුළ සාමාන්යයෙන් දක්නට ලැබෙන සියයට 3 සිට 4 දක්වා මට්ටමට වඩා සැලකිය යුතු ලෙස අවම අගයක් ගන්නා බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති ශ්රී ලංකාව සඳහා ආයෝජන වාතාවරණය පිළිබඳ වාර්තාවේ සඳහන් කර ඇත.
ඔස්ට්රේලියාවේ ශිෂ්ය වීසා නව නීති දැන් ක්රියාත්මක යි: අයැදුම් කිරීමට පෙර ඔබ දැනගත යුතු ම කරුණු
ශිෂ්ය වීසා වැඩසටහන සම්බන්ධයෙන් ඔස්ට්රේලියානු රජය සිදු කළ සැලකිය යුතු වෙනස්කම් 2026 ඔක්තෝබර් 02 දින සිට එනම්, පසුගිය සිකුරාදා දින සිට ක්රියාත්මක වේ. ඒ අනුව, එම දිනයට පසු ඉදිරිපත් කරන සියලු ම වීසා අයැදුම්පත් සඳහා නව නීති අදාළ වේ. මෙම ප්රතිසංස්කරණ හේතුවෙන් ශිෂ්ය වීසා අයදුම් කළ හැක්කේ කවදා ද?, එය ඉදිරිපත් කළ යුත්තේ කොහේ සිට ද?, සහ අයැදුම්පතට ඇතුළත් කළ හැකි පුද්ගලයින් කවුද?



















































