පිරිමි යට ඇඳුම්වලට හිත ගිය බළල් හෙරක්

බ්‍රිජිට් වන ඇය ටොන්කිනීස් විශේෂයට අයත් බැළලියකි
ඡායාරූප ශීර්ෂ වැකිය, බ්‍රිජිට් වන ඇය ටොන්කිනීස් විශේෂයට අයත් බැළලියකි
Published

පිරිමි යට ඇඳුම් සහ සපත්තු මේස් සොරකම් කරන අපූරු 'හෙරක්' පිළිබඳව නවසීලන්තයේ හැමිල්ටන් සිටි නගරයෙන් වාර්තා වේ.

නමින් 'බ්‍රිජිට්' වන ඇය 'ටොන්කිනීස්' විශේෂයට අයත් බැළලියකි.

මාස හයක් ඇතුළත බ්‍රිජිට් විසින් සොරකම් කර ගෙන පැමිණි පුරුෂ යටි ඇඳුම් ගණන එකොළහක්. සපත්තු මේස් සංඛ්‍යාව පනහකට අධිකයි.

බ්‍රිජිට්ගේ අයිතිකාරිය සිය බළල් සුරතලිය විසින් සොරකම් කර ගෙන පැමිණි යට ඇඳුම් සහ සපත්තු මේස් දැක්වෙන ඡායාරූප ඇයගේ ෆේස්බුක් පිටුවේ පළ කොට ඇත.

සේදීමට තිබෙන සිය ඇඳුම් අතරේ තිබී තමාට අයත් නොවන ඇඳුම් හමුවීමත් සමග සොරකම පිළිබඳ කරුණු අනාවරණය වූ බවයි බ්‍රිජිට්ගේ අයිතිකාරිය, සේරා නේතන් කිපවසන්නේ.

සොරා ගන්නා ලද යට ඇඳුම් තම නිවස අසල තට්ටු නිවාසයේ දිවි ගෙවන පුරුෂයන්ට අයත් ඒවා බවයි සේරා නේතන්ගේ අදහස.

'බ්‍රිජිට් කුරුල්ලන් හෝ වෙනත් සතුන් දඩයම් කරන්නේ නැහැ. අපි ළඟදී ගම්බද පළාතකට මාරු වෙනවා. එවිට ඇයට මේ සොරකමේ යෙදෙන්න අවස්ථාවක් ලැබෙන එකක් නැහැ' සේරා නේතන් වැඩිදුරටත් කියා සිටින්නීය.