තල්මසුන් දඩයමට ජපන් නෞකා දියඹට

ඡායාරූප මූලාශ්‍රය, Reuters I Kyodo
Published
තල්මසුන් දඩයම් කිරීමේ නිරත ජපාන නැව් කණ්ඩායම ඇන්ටාක්ටික් සාගරය වෙත යාත්‍රා කිරීම ආරම්භ කර තිබේ.
ටොන් අටදහසක බරින් යුත් ‘නිෂින් මාරු’ නෞකාව සහ තවත් කුඩා ප්‍රමාණයේ යාත්‍රා තුනක් මෙම නැව් කණ්ඩායමට අයත් වෙයි.

ඡායාරූප මූලාශ්‍රය,
මෙම නැව් කණ්ඩායම මාස තුනක කාලයක් ඇන්ටාක්ටික් සාගරය මත යාත්‍රා කරන අතර තල්මසුන් තුන්සිය තිස් තුන් දෙනකු දඩයම් කිරීමට නියමිතයි.
මීට ඉහතදී, ජපානය විසින් තල්මසුන් දඩයම හඳුන්වනු ලැබුවේ විද්‍යාත්මක වැඩසටහනක් ලෙසයි.

ඡායාරූප මූලාශ්‍රය, AFP
තල්මසුන් දඩයම විද්‍යාත්මක වැඩසටහන් ලෙස හුවා දැක්වීම අනුමත නොකළ හේග් ජාත්‍යන්තර අධිකරණය එය නීත්‍යනුකූල නොවන බව ප්‍රකාශයට පත් කළේ පසුගිය වසරේදීයි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
























