කාබුල් නුවර ප්‍රචණ්ඩ ගැටුම් ඉහළට

ඡායාරූප මූලාශ්‍රය, Reuters

Published

අගෝස්තු හත් වෙනිදා ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර හටගත් ප්‍රචණ්ඩකාරී ගැටුම් වලින් අඩු වශයෙන් හතලිස් නම දෙනෙකු මියගොස් ඇති අතර තවත් සිය දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.

ගැටුම් හේතුවෙන් මේ වන විට නගරයේ ආරක්ෂක විදිවිධාන තර කොට ඇති අතර රාත්‍රිය පුරා ප්‍රහාරක යානා අහසේ සැරිසැරීම හේතුවෙන් සාමාන්‍ය ජනතාවට අවධියෙන් සිටීමට සිදු වූ බවයි පැවසෙන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, AP

මුර කපොලු වල රාජකාරි කටයුතු සඳහා පොලිසියට සහය ලබා දීමට යුද හමුදා සෙබළුන් යොදවා තිබේ.

පිරිහී යන ආරක්ෂක තත්වය සාකච්ඡා කිරීමට ඇෆ්ගනිස්තාන ජනාධිපති අශ්රොෆ් ඝානි ජාතික ආරක්ෂක සභාව ඇමතීමට නියමිතයි.

ඇති වූ ගැටුම් වලින් නේටෝ හමුදා සාමාජිකයකු සහ නේටෝ සංවිධානයේ සිවිල් කොන්ත්‍රාත් සේවයේ නියුතු පුද්ගලයන් අට දෙනෙකුද මිය ගියහ.

මිය ගිය නේටෝ සාමාජිකයින් කුමන ජාතියකයන්ද යන්න තවමත් හඳුනාගෙන නැත.