දස හැවිරිදි දැරියකගෙන් බෝම්බ ප්‍රහාරයක්

ඡායාරූප මූලාශ්‍රය, AP
Published
නයිජීරියාවේ ඊශාන දිග දමාටුරු නගරයේ එල්ල කරන ලද මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකකින් අඩු වශයෙන් 11 දෙනකුවත් මිය ගොස් ඇති බව නයිජීරියානු හමුදාව පවසයි.
බෝම්බකරුවන් දෙදෙනාගෙන් අයකු කාන්තාවක වන අතර අනිත් බෝම්බකාරිය වයස අවුරුදු 10 ක දැරියක්.
රාමසාන් උත්සවය අවසානයේ පැවැත්වුණු ආගමික යාඥා මෙහෙයක් පැවැත්වෙද්දීයි මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල වී ඇත්තේ.
මෙවැනි ප්‍රහාර වලට වගකීම පැවරෙන්නේ බෝකෝ හරාම් ඉස්ලාමීය කණ්ඩායමටයි.
අසල්වැසි නයිජර් රාජ්‍යයේ ආරක්ෂක අංශ පැවසුවේ දේශ සීමාව හරහා පැමිණි නයිජීරියානු හමුදා අඩු වශයෙන් බොකෝ හරාම් කැරලිකරුවන් 30 දෙනකු මරා දැමු බවයි.
කැරලිකරුවන් විසින් ඊයේ නයිජර් දේශ සීමාවේ දී ගම්වාසීන් කිහිප දෙනකු මරා දමනු ලැබ තිබේ.























