තෙදිනක් වයසැති රයිනෝ පැටවකු වනජීවි රැකවරණයට

Published

ඉන්දියාවේ නිරිත දිග ඇසාම් ප්‍රාන්තයේ කසිරන්ගා ජාතික වනෝද්‍යානයේ අතරමංව සිටි දින තුනක් වයසැති රයිනෝසිරස් පැටවකු බේරා ගැනීමට එරට වනජීවි නිලධාරීන් සමත් වී තිබේ.

වර්ග කිලෝමීටර් 430ක් විශාල කසිරන්ගා ජාතික වනෝද්‍යානය සුළු ප්‍රමාණයක් පමණක් ලොව ඉතිරිව සිටින එක් අඟකින් යුතු විශාල රයිනෝසිරස් සත්වයින්ට නිවහනකි.

මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ වනජීවි නිලධාරීන් විසින් ගලවා ගත් රයිනෝසිරස් පැටවා කසිරන්ගා ජාතික වනෝද්‍යානය හරහා ප්‍රවාහනය කළ අන්දමයි.

වනජීවි නිලධාරීන්ගේ රැකවරණය යටතේ පසු වන මෙම රයිනෝසිරස් පැටවාගේ මව සොයා ගත නොහැකි අතර බොහෝ දුරට එයට හේතුව කසිරන්ගා ජාතික වනෝද්‍යානය පුරා පැතිර සිටින නීති විරෝධී දඩයක්කරුවන් විය හැකි බවටයි විශ්වාස කෙරෙන්නේ.

පසුගිය ජනවාරි මාසයේ සිට රයිනෝසිරස් සත්වයන් දොළොස් දෙනෙකු පමණ නීති විරෝධී දඩයක්කරුවන්ගේ උණ්ඩ වලට බිලි වූ බවයි ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරන්නේ.