වඳ සැත්කමෙන් අටක් මිය යති

ඡායාරූප මූලාශ්‍රය, ALOK PUTUL
Published
මධ්‍යම ඉන්දියාවේ සෞඛ්‍ය කඳවුරකදී වඳ සැත්කමකට භාජනය කරන ලද කාන්තාවන් අට දෙනකු මියගොස් තිබේ.
සැත්කමකට භාජනය කරන ලද තවත් කාන්තාවන් පනස් තුන් දෙනකු රෝහල් ගත කෙරිණ.
ඒ අතරින් විසි දෙනෙක් අසාධ්‍ය තත්වයේ පසු වෙති.
චට්ටිස්ගාර් ප්‍රාන්තයේ වඳ සැත්කම් සායනයකදී ශල්‍යකර්ම සිදු කිරීමෙන් අනතුරුව වේදනාව සහ උණ වැළඳුණු බව එම කාන්තාවෝ පවසති.
සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් හතර දෙනකුගේ වැඩ අත්හිටුවා තිබේ.
ඒ අතරින් එක් වෛද්‍යවරයෙක් පසු ගිය වසරේදී වඳ සැත්කම් පනස් දහසක් සිදු කර ඇති අතර ඒ සඳහා ඔහුට ආණ්ඩුවෙන් සම්මානයක් හිමි විය.
සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නියෝග කර තිබේ.
























