ඉන්දීය යකැදුරු කතට මරණ දඬුවම

ඡායාරූප මූලාශ්‍රය, AFP
Published
කාන්තාවක් මයාකාරියක් යැයි සැක කර ඇගේ ඥාතීන් විසින් එම කාන්තාව මරා දමා ඇති බව ඉන්දීය පොලිසිය පවසයි.
කුඩා දරුවකු රෝගාතුර වීම සම්බන්ධයෙන් ඉහත කී කාන්තාවගේ ඥාතීන් ඇයට දොස් පවරා තිබේ.
අනතුරුව පවුලේ සාමාජිකයෝ එක් වී චට්ටිස්ගාර් පළාතේ වාසය කළ ඥාති කාන්තාව නිරුවත් කොට පහරදී වධ බන්ධනයන්ට ලක් කර මරා දැමූහ.
ඝාතනයට සම්බන්ධ බවට සැක පිට පුද්ගලයෝ දස දෙනෙක් අත්අඩංගුවට පත් වූහ.
කාන්තාවන් හදිහූනියම්වල යෙදෙන බවට එල්ල වන චෝදනා, පහරදීම් සහ ඝාතන දක්වා දුර දිග යන අතර මෙවැනි සිදුවීම් ඉන්දීය ගම්බද පෙදෙස්වලින් නිතර අසන්ට ලැබේ.
භීතිය සහ මිථ්‍යා විශ්වාස ඊට බෙහෙවින් දායක වේ.
පෞද්ගලික අමනාපකම් සහ අනතුරට පත් විය හැකි එවැනි කාන්තාවන්ගේ දේපළ අල්ලා ගැනීමට පවතින ඉඩකඩද මෙවැනි සිදුවීම් වලට බලපා තිබේ.
























