දැරියන් දූෂණය කෙරුණු පළාතේ 'නිවාසවලට වැසිකිලි'

ඉන්දියාවේ ජනගහනයෙන් අඩකටත් වැඩි ප්‍රමාණයකට 'වැසිකිලි නැහැ'

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දියාවේ ජනගහනයෙන් අඩකටත් වැඩි ප්‍රමාණයකට 'වැසිකිලි නැහැ'
Published

පසු ගිය දා සමූහ දූෂණයට ලක් කොට එල්ලා මරා දමන ලද බව සැලකෙන දැරියන් දෙදෙනා ජීවත් වූ ප්‍රදේශයේ සෑම නිවසකට ම වැසිකිළියක් සාදා දීමට ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ස්වේච්ඡා සංවිධානයක් වන සුලාබ් ජාත්‍යන්තරය ඉදිරිපත් වී සිටී.

වැසිකිළි පහසුකම් නොමැති වීම මෙම අපරාධය සිදුවීමට බලපෑ ප්‍රධාන කරුණක් වූ බැවින් මෙවැනි තීරණයක් ගත් බවයි, සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධානය පවසන්නේ.

දූෂණයට ලක් කොට මරා දැමුණු දැරියන් දෙදෙනා නිවසින් පිටතට ගොස් ඇත්තේ ඔවුන්ගේ නිවසේ වැසිකිළි පහසුකම් නොමැති වීම හේතුවෙන් බවයි පැවසෙන්නේ.

ඉන්දියාවේ ජනගහනයෙන් අඩකටත් වැඩි ප්‍රමාණයක් වන කෝටි හැටකට වැඩි පිරිසක් ශරීර කෘත්‍යය සඳහා විවෘත පෙදෙස් භාවිතා කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තුවල දැක්වේ.