මුහුණු ආවරණයට ඕස්ට්‍රේලියාවේ විරෝධය

ඡායාරූප මූලාශ්‍රය, AFP
Published
ක්ලු ක්ලුක්ස් ක්ලෑන් (Ku Klux Klan) කල්ලියට අයත් ඇදුමින් සැරසුණු පුද්ගලයෝ කණ්ඩායමක් ඕස්ට්‍රේලියාවේ කැන්බරා අගනුවර පිහිටි පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුළු වීමට උත්සහ කරති.
යතුරුපැදි හිස් වැසුම් සහ නිකාබ් මුස්ලිම් කාන්තා මුහුණු ආවරණයෙන් සැරසී පැමිණි පුද්ගලයෝ එම කණ්ඩායමේ සිටියහ.
මුහුණ සම්පුර්ණයෙන් ආවරණය කෙරෙන සම්ප්‍රදායික ඉස්ලාමීය ඇඳුම තහනම් කරන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.
‘නිදහස යනු එකිනෙකාගේ මුහුණ බැලීමට ඇති හැකියාව’ යැයි එම කණ්ඩායමේ සිටි පුද්ගලයෙක් බීබීසීයට අදහස් දක්වමින් කියා සිටියේය.
ආරක්ෂක භටයෝ මැදිහත් වී ඉහත කී කණ්ඩායම පාර්ලිමේන්තුවට ඇතුළු වීමෙන් වළක්වනු ලැබූහ.























