'බෙදුම්වාදී ප්‍රහාරයකින්' අටක් මරුට

(පැරණි ඡායා රූපයක්)

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, (පැරණි ඡායා රූපයක්)
Published

කම්කරුවන් අට දෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව නිරිත දිග පාකිස්තාන බලධාරීහු පවසති.

පාකිස්තාන බලධාරීන් කියා සිටියේ කලාපීය බෙදුම්වාදීන් විසින් එම ප්‍රහාරය දියත් කර ඇති බව පෙනී යන බවයි.

බලුකිස්තානයේ පිහිටි ගොවිපළකට කඩා වැදී ඇති තුවක්කුකරුවෝ කම්කරුවන් කණ්ඩායම පැහැර ගෙන ගොස් තිබේ.

ඉන් අනතුරුව බලුකිස්තාන කලාපයට අයත් කම්කරුවන් දෙදෙනෙකු නිදහස් කර ඇති තුවක්කුකරුවෝ පන්ජාබ් කලාපයට අයත් සෙසු සියලු දෙනා වෙඩි තබා ඝාතනය කළහ.

රටේ වෙනත් කලාපවලින් සංක්‍රමණිකයන් පැමිණීම සම්බන්ධයෙන් බලුකිස්තාන බෙදුම්වාදීහු සිය විරෝධය පළ කරමින් සිටිති.

සංක්‍රමණිකයන්ගේ පැමිණීම හේතුවෙන් සිය කලාපයේ වැසියන්ට රැකියා අවස්ථා සහ ආදායම් මාර්ග අහිමි වන බවටයි බෙදුම්වාදීන් තර්ක කරන්නේ.