ඇමරිකානු ප්‍රාණ ඇපකරුවෙකු 'ඝාතනය' කරයි

ඡායාරූප මූලාශ්‍රය, Getty

Published

ඇමරිකානු ජාතික මාධ්‍යවේදී ස්ටීවන් සොට්ලොෆ්ගේ හිස ගසා මරා දමන බව දැක්වෙන්නේ යැයි විශ්වාස කෙරෙන වීඩියෝවක් ඉස්ලාමීය රාජ්‍ය සටන්කරුවන් විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

පිහියක් අතින් ගෙන සිටින ඉස්ලාමීය සටන්කරුවා අසල මාධ්‍යවේදී සොට්ලොෆ් දණ ගසා සිටින ආකාරය වීඩියෝවේ දැක්වේ.

තවත් ප්‍රාණ ඇපකරුවෙකුට තර්ජනය කරන මුහුණ ආවරණය කර සිටින සටන්කරුවා, ඉස්ලාමීය රාජ්‍යයට එරෙහිව එක් වී කෙරෙන සටන් අවසන් කරන මෙන් අනෙකුත් රටවලට අනතුරු හඟවයි.

මාධ්‍යවේදී සොට්ලොෆ් පසුගිය වසරේ සිරියාවේදී පැහැර ගැනීමට ලක්විණි.

ඉස්ලාමීය සටන්කරුවන් පසුගිය මාසයේදී නිකුත් කළ ඇමරිකානු ජාතික මාධ්‍යවේදී ජේම්ස් ෆොලී ඝාතනය කරන ආකාරය දැක්වෙන වීඩියෝවේ මාධ්‍යවේදී සොට්ලොෆ්ද සිටිනු දැක ගත හැකි විය.

අලුතින් නිකුත් කළ වීඩියෝවේ සත්‍ය අසත්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බව ඇමරිකානු ධවල මන්දිරය ප්‍රකාශ කළේය.