වසර දාහතරක මාරාන්තික උපවාසයෙන් පසු නිදහස

ඡායාරූප මූලාශ්‍රය, AFP
Published
ඉන්දීය හමුදා විසින් සිදු කළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වලට විරෝධය පාමින් වසර දාහතරක් මාරාන්තික උපවාසයේ යෙදුණු සමාජ ක්‍රියාධරනියක් නිදහස් කිරීමට එරට අධිකරණය නියෝග කරයි.
සමාජ ක්‍රියාධරනියක වන ඉරොම් ශර්මිලා දෙදහා වසරේදී අත්අඩංගුවට පත් වූවාය.
ඒ අධිකරණ නියෝගයකින් තොරව පුද්ගලයන් රඳවා තබා ගැනීමට හා යම් කිසි සිදුවීමකදී අවශ්‍ය වූවොත් වෙඩි තබා මරා දැමීමට ඉන්දීය හමුදාවට හැකියාව ලබා දෙන නීතිය අවලංගු කරන මෙන් ඉල්ලා ඈ සිදු කළ මාරාන්තික උපවාසයෙන් අනතුරුවයි.
සිය දිවි හානි
සිය දිවි නසා ගැනීමට උත්සහ කළ බවට එල්ල වූ චෝදනා මත රැඳවුම් භාරයට පත් වූ ශර්මිලා නිදොස් කර නිදහස් කරන ලෙසයි මනිපූර්හි අධිකරණය නියෝග කළේ.
මාරාන්තික උපවාසයේ යෙදෙමින් රැඳවුම් භාරයේ පසු වූ ශර්මිලාට බලධාරීහු බලහත්කාරයෙන් ආහාර ලබා දුන්හ.
























