'අගමැති ෂරීෆ් ඉවත්වනු ! '- ඉම්රාන්

නවාස් ෂරිෆ් ඉල්ලා අස්වන තුරු නගරයේ වීදි අත්පත් කරගන්නා බව ඉම්රාන් කියයි

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, නවාස් ෂරිෆ් ඉල්ලා අස්වන තුරු නගරයේ වීදි අත්පත් කරගන්නා බව ඉම්රාන් කියයි
Published

පසුගිය වසරේ පැවති මැතිවරණයේදී වංචා සිදුකළ බවට චෝදනා කරමින් පකිස්තාන අගමැති නවාස් ෂරීෆ් ට ඉල්ලා අස්වන ලෙස ප්‍රමුඛ පෙළේ පකිස්තාන දේශපාලඥයෙකු වන ඉම්රාන් ඛාන් බලකර සිටියේය.

ඉස්ලාමාබාද් අග නගරයට රැස්වූ තම ආධාරකරුවන් දහස් ගණනක් අමතමින් ඉම්රාන් ඛාන් කියා සිටියේ අගමැති නවාස් ෂරිෆ් ඉල්ලා අස්වන තුරු නගරයේ ප්‍රධාන වීදි අත්පත් කරගන්නා බවයි.

මෙවැනි ම වූ ඉල්ලීමක් කෙරෙන තවත් රැස්වීමක් විරුද්ධ පක්ෂ දේශපාලනඥයෙකු වන තහිල් උල් කද්රි විසින් ද සෙනසුරාදා පැවැත්වීමට නියමිතව තිබේ.

ඉම්රාන් සහ කහිල් යන දෙදෙනාම තම ආධාර කරුවන් සමග නැගෙනහිර පකිස්ථානයේ ලාහෝර් නගරයේ සිට පෙළපාලි වලින් පැමිණි බවයි පැවසෙන්නේ.

මේ අතර සිදුවී යැයි පැවසෙන මැතිවරණ වංචා පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට සුදානම් බව ප්‍රකාශ කරන රජය අවධාරණය කරන්නේ පෙළපාළි පැවැත්වීමෙන් අගමැති ෂරීෆ් ඉවත්කළ නොහැකි බවයි.

වසරක් පිරුණු ෂරීෆ් පාලනයට මෙතෙක් එල්ල වූ විශාලතම අභියෝගය මෙම විරෝධතාවන් දෙක බවයි පැවසෙන්නේ.