තාප්පයට යට වී එකොළහක් මරුට

ඡායාරූප මූලාශ්‍රය, AP
Published
දකුණු ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්තයේ පිහිටි ගබඩා සංකීර්ණයක අලුතින් ඉදි කළ තාප්පයක් කඩා වැටීමෙන් එකොළොස් දෙනකු මරුමුවට පත් වූ බව බලධාරීහු පවසති.
අධික වර්ෂාවෙන් පසු අලුතින් ඉදි කළ තාප්පය අසල කම්කරුවන් වැඩ කරමින් සිටියදීයි අනතුර සිදු වී තිබෙන්නේ.
කඩා වැටුණු තාප්පයේ කළු ගල් අතර සිරව සිටි එක් කම්කරුවෙකු අනතුරින් බේරා ගෙන තිබේ.
චෙන්නායි නුවර ඉදි වෙමින් පැවති එකොලොස් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් හැට දෙනකු පමණ මරණයට පත් වූ අනතුරින් සතියකට පසුවයි, මේ අනතුර හට ගත්තේ.
ඉන්දියාවේ මෙසේ ගොඩනැගිලි කඩා වැටීම සුලබ සිදුවීමක් වී තිබෙන අතර නිසි පරිදි නීති ක්‍රියාත්මක නොවන බවට සහ නිසි ප්‍රමිතියකින් තොර ගොඩනැගිලි ද්‍රව්‍ය ඉදිකිරීම් සඳහා යොදා ගැනීම එයට ප්‍රධාන හේතුව බව විශ්වාස කෙරේ.
























