පකිස්තානු දේශ සීමාව අසල ඇමරිකානු ගුවන් ප්‍රහාර

ගුවන් ප්‍රහාරය එල්ල වුනේ කරච්චි ගුවන් තොටුපලට ප්‍රහාරයක් එල්ල වී දින කිහිපයකට පසුවයි

ඡායාරූප මූලාශ්‍රය,

ඡායාරූප ශීර්ෂ වැකිය, ගුවන් ප්‍රහාරය එල්ල වුනේ කරච්චි ගුවන් තොටුපලට ප්‍රහාරයක් එල්ල වී දින කිහිපයකට පසුවයි
Published

එක්සත් ජනපදය පකිස්තානයේ තාලිබාන් කැරලිකරුවන්ට එරෙහිව ගුවන් ප්‍රහාර දෙකක් දියත් කර තිබේ.

මෙම ප්‍රහාර ඇෆ්ගන් දේශසීමාව ආසන්නයේ පිහිටි උතුරු වසිරිස්තානයට එල්ල වූ අතර පළමු ප්‍රහාරයේදී කැරලිකරුවන් බවට සැක කෙරෙන හය දෙනෙකුත් දෙවැනි ප්‍රහාරයේදී දස දෙනෙකුත් මිය ගිය බව වාර්තා වෙයි.

නියමුවෙකු නොමැතිව පියාසර කරවිය හැකි කුඩා යානා යොදා ගනිමින් කෙරෙන මෙම ප්‍රහාරයන් මතභේදයට තුඩු දීමෙන් අනතුරුව පසුගිය දෙසැම්බරයේ පටන් අත්හිටුවා තිබුණි.

ඉන් පසුව එක්සත් ජනපදය පකිස්තානය තුළ සිදු කළ පළමු ගුවන් ප්‍රහාරය මෙය වන අතර එය සිදු කළේ කරච්චි ගුවන් තොටුපලට ප්‍රහාරයක් එල්ල වී දින කිහිපයකට පසුවයි.

කරච්චි ගුවන් තොටුපලට එල්ල වූ එම ප්‍රහාරයෙන් තිස් නම දෙනෙකු මරණයට පත් වූ අතර ඉන් දස දෙනෙකු ප්‍රහාරය සඳහා පැමිණි කැරලිකරුවන්.

එම ප්‍රහාරයේ වගකීම උතුරු වසිරිස්තානයේ ක්‍රියාත්මක වන කැරලි කණ්ඩායමක් විසින් භාර ගනු ලැබුණි.