කරච්චි ගුවන් තොටුපල අසල තවත් වෙඩි හුවමාරුවක්

කරච්චි ගුවන් තොටුපලේ ගුවන් ගමන් නැවත අත්හිටුවා ඇති බව බලධාරීහු පවසති

ඡායාරූප මූලාශ්‍රය, AFP GETTY

ඡායාරූප ශීර්ෂ වැකිය, කරච්චි ගුවන් තොටුපලේ ගුවන් ගමන් නැවත අත්හිටුවා ඇති බව බලධාරීහු පවසති
Published

ඊයේ ප්‍රහාරයකට ලක් වූ කරච්චි ගුවන් තොටුපල අසල ප්‍රදේශයක වෙඩි හුවමාරුවක් ඇති වී තිබේ.

පකිස්තානු මාධ්‍ය වාර්තා කරන්නේ ගුවන් තොටුපල ආරක්ෂක අංශයට අයත් පුහුණු කඳවුරකට තුවක්කුකරුවන් වෙඩි තබා ඇති බවයි.

ප්‍රහාරයෙන් අනතුරට පත් වුවන් පිළිබඳව විස්තර වාර්තා වී නැත.

ගුවන් තොටුපල ආරක්ෂක අංශය සතු නේවාසිකාගාරයකට කැරලිකරුවන් අත් බෝම්බ විද ඇති බවද වාර්තා විය.

මෙම ප්‍රහාරයන් වාර්තා වන්නේ තාලිබාන් සංවිධානය කරච්චි ගුවන් තොටුපලට එල්ල කළ ප්‍රහාරයෙන් දිනකට පසුවයි.

එහිදී තිස් දෙනෙකු පමණ මරණයට පත් විය.

කරච්චි ගුවන් තොටුපලේ ගුවන් ගමන් නැවත අත්හිටුවා ඇති බව බලධාරීහු පවසති.