හෙලිකොප්ටරය කඩා වැටී නේටෝ හමුදාවේ පහක් මරුට

බොහෝ මෙහෙයුම් දැනටමත් ඇෆ්ගනිස්ථාන හමුදාවට පවරා ඇති බවයි පැවසෙන්නේ

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, බොහෝ මෙහෙයුම් දැනටමත් ඇෆ්ගනිස්ථාන හමුදාවට පවරා ඇති බවයි පැවසෙන්නේ
Published

දකුණු ඇෆ්ගනිස්ථානයේදී හෙලිකොප්ටර යානයක් කඩා වැටීමෙන් තම හමුදාවන්ට අයත් පස් දෙනෙක් මරුමුවට පත් වූ බව නේටෝ සංවිධානය විසින් මෙහෙයවනු ලබන ඇෆ්ගනිස්ථානයේ ජාත්‍යන්තර හමුදාව පවසා තිබේ.

යානය කඩා වැටීමට හේතුව තවමත් අනාවරණය වී නැති අතර හමුදාව විසින් පරීක්ෂණ මෙහෙයවමින් ඇති බවයි පැවසෙන්නේ.

මිය ගොස් ඇත්තේ කවර ජාතීන්ට අයත් හමුදා සාමාජිකයන් ද යන්න හෙළිකර නැත.

ඇෆ්ගනිස්ථානයේ සිටින ජාත්‍යන්තර හමුදාවන් මේ වසර අවසානය වන විටඉවත් කිරීමට නියමිත අතර ඔවුන් විසින් සිදු කළ බොහෝ මෙහෙයුම් දැනටමත් ඇෆ්ගනිස්ථාන හමුදාවට පවරා ඇති බවයි පැවසෙන්නේ.