ඉස්ලාමාබාද් පිපිරීමෙන් විස්සක් මරුට

බෝම්බය පලතුරු පෙට්ටියක සඟවා තිබී ඇති බවයි සැලකෙන්නේ

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, බෝම්බය පලතුරු පෙට්ටියක සඟවා තිබී ඇති බවයි සැලකෙන්නේ
Published

පකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පලතුරු හා එළවලු වෙළෙඳ සැලක සිදුවූ සිදුවූ බෝම්බ පිපිරීමකින් අවම වශයෙන් විසි දෙනෙකු වත් මියගොස් ඇත.

පලතුරු පෙට්ටියක සඟවා තිබී ඇති බව සැලකෙන බෝම්බය පිපිරී යාමෙන් තවත් සිය ගණනකට තුවාල සිදුවී ඇති බවයි වාර්තාවන්නේ.

පසුගිය වසර හය තුළ ඉස්ලාමාබාදයේ සිදුවූ වඩාත් දරුණුතම බෝම්බ ප්‍රහාරය මෙය බවටයි සැලකෙන්නේ.

දැනට රජය සමග සටන් විරාම ගිවිසුමකට එළැඹ සිටින තාලිබාන් සංවිධානය පවසන්නේ ඉස්ලාම් නීතියට පටහැනි වූ මෙම අහිංසක මිනිසුන් මරා දැමීමට තමන් සම්බන්ධ නැති බවයි.

පකිස්තාන අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ මෙය රට අස්ථාවර කිරීමේ අරමුණින් සතුරන් විසින් සිදුකළ පිපිරවීමක් බවයි.