උඩුගුවනේ ගුවන් පාලක මැදිරියක්

අඟහරුවාදා සෝදිසි මෙහෙයුම් දුර්වල තත්වයක ඇති බවයි වාර්තා වන්නේ

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, අඟහරුවාදා සෝදිසි මෙහෙයුම් දුර්වල තත්වයක ඇති බවයි වාර්තා වන්නේ
Published

අතුරුදහන් MH-370 මැලේසියානු ගුවන් යානය සෙවීමේ නිරත ව ඇති ගුවන් යානා වල ගමන් පථයන් පාලනය සඳහා උඩු ගුවනේ සිට ක්‍රියාත්මක වන ගුවන් පාලක මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කළ හැකි විශේෂයෙන් සකසන ලද ගුවන් යානයක් යොදාගැනීමට ඔස්ට්‍රේලියාව සුදානම් වෙයි.

මේ වන විට ගුවන් යානා දහයක් සෝදිසි මෙහෙයුම් වල නිරත ව ඇති දකුණු ඉන්දියානු සාගරයට ඉහළින් වූ හුදකලා ගුවන් කලාපයට අයත් ගුවන් ගමන් පථයන් පොලවේ සිට නිරීක්ෂණය කිරීමට අපහසු බවයි පැවසෙන්නේ.

අඟහරුවාදා සෝදිසි මෙහෙයුම් දුර්වල තත්වයක ඇති බවයි වාර්තා වන්නේ.