ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි

ඉහල අහස අපැහැදිලි වීම නිසා ගුවන් තොටුපොල ගණනාවක්ද වසා දමා තිබේ

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉහල අහස අපැහැදිලි වීම නිසා ගුවන් තොටුපොල ගණනාවක්ද වසා දමා තිබේ
Published

ඉන්දුනීසියාවේ ජාවා දූපතේ පිහිටි කෙලුඩ් ගිනි කන්ද පිපිරී යාමෙන් අනතුරුව දස දහස් සංඛ්‍යාත ජාවා දූපත්වාසීන් නිවාසවලින් ඉවත් කිරීමට බලධාරීහු පියවර ගත්හ.

කෙලුඩ් කන්දේ සිට කිලෝමීටර පන්සියයක් දක්වා දුර පිහිටි නගර සහ ගම්මානවලට ගිනි කන්දේ අළු විසිරී ගිය අතර, ඉහල අහස අපැහැදිලි වීම හේතුවෙන් ගුවන් තොටුපොල ගණනාවක්ද වසා දමා තිබේ.

තවත් සමහර ගුවන් ගමන් වෙනස් කොට තිබේ.

ගිනි කන්දෙන් මතු වුන අළු සිය නිවාස මත කඩා වැටීම හේතුවෙන් ජාවා දූපත්වාසීන් දෙදෙනකු මරුමුවට පත් විය.

1568 දී කෙලුඩ් ගිනි කන්ද පිපිරී යාමෙන් දස දහස් සංඛ්‍යාත පිරිසක් මරුමුවට පත් විය.