වියට්නාමයේ තිස් දෙනෙකුට මරණ දණ්ඩනය

ඡායාරූප මූලාශ්‍රය, Getty
Published
මත් ද්‍රව්‍ය ජාවාරම් කළ බවට චෝදනා ලත් තිස් දෙනෙකුට වියට්නාමයේ අධිකරණය මරණ දණ්ඩනය නියම කරයි.
හෙරොයින් ටොන් දෙකකට ආසන්න ප්‍රමාණයක් වියට්නාමය හරහා චීනයට ප්‍රවාහනය කිරීමට සම්බන්ධ වීම නිසා මරණ දණ්ඩනය හිමි වූ මෙම පිරිස අතර කාන්තාවන් නව දෙනෙකු ද සිටින බවයි වාර්තා වන්නේ.
වියට්නාමය තුළ මත් ද්‍රව්‍ය චෝදනා යටතේ ගොනු කළ විශාලතම නඩු විභාගය මෙය යි.
චුදිතයන් විශාල පිරිසක් සිටීමත්, චෝදනාවේ ඇති බරපතල භාවයත් සැලකිල්ලට ගනිමින් මෙම නඩු විභාගය පැවැත්වුණේ බන්ධනාගාරය තුළදීමයි.
මෙම ජාවාරමට සම්බන්ධ වූ තවත් පිරිසකට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම විය.























