සමලිංගික තහනමට එරෙහිව දිල්ලි අගනුවර පෙළපාලි

ඉන්දියාවේ සමලිංගික තහනම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී යුගයේදී පැනවුන නීතියක්
ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දියාවේ සමලිංගික තහනම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී යුගයේදී පැනවුන නීතියක්
Published

සමලිංගික සේවනය දඬුවම් ලැබිය හැකි අපරාධයක් බවට ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට එරෙහිව සිය ගණනක් උද්ඝෝෂකයෝ දිල්ලි අගනුවර සහ වෙනත් නගරවල විරෝධතා පෙළපාලිවල නිරත වූහ.

අත් වල කළු පටි පැළඳ සිටි ඇතැම් උද්ඝෝෂකයෝ දේදුන්නක පැහැය ගත් බැනර සහ කොඩි වනමින් සිටියහ.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී යුගයේදී පැනවුන සමලිංගික තහනම් නීතිය වෙනස් කිරීමේ බලය පවතින්නේ පාර්ලිමේන්තුවට පමණක් බවයි, පසුගිය සතියේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ.

ඉන්දියාවේ සමලිංගික පුරුෂයන් සහ කාන්තාවන් එම තීන්දුවට දැඩි විරෝධය පළ කළහ.