සමලිංගික විවාහයට ඔස්ට්‍රේලියාවෙන් පිළිගැනීමක්

Published
ඔස්ට්‍රේලියාවේ කැන්බරා නුවර පිහිටි ප්‍රාන්ත පාර්ලිමේන්තුව සමලිංගික විවාහය නීති ගත කිරීම අනුමත කර තිබේ.
ඔස්ට්‍රේලියාවේ අගනුවර පාලන අධිකාරිය තැබූ මෙම පියවරෙහි වැදගත් කම එහි නියෝජ්‍ය මහඇමති ඇන්ඩ්රු බා(ර්) විස්තර කළේ කඳුළු පිරි දෙනෙතින් යුතුවයි.
සම ලිංගික විවාහය ඔස්ට්‍රේලියාවේ දී පිළිගැනීමට ලක් වූ ප්‍රථම අවස්ථාව මෙය බවයි වාර්තා වන්නේ.
නමුත් අසල්වාසී නවසීලන්තය පසුගිය අප්‍රේල් මාසයේ දී සමලිංගික විවාහය නීති ගත කිරීමට පියවර ගත්තේය.























