පලස්තීන බිම්වල යුදෙවු ජනාවාස ඉදිකිරීමට අනුමැතිය

Israel settlements
ඡායාරූප ශීර්ෂ වැකිය, පලස්තීන සාම නියෝජිත සයීබ් ඉරේකාත් ඊශ්‍රායලයේ පියවරට දැඩි විරෝධය පළ කොට තිබේ
Published

අත්පත් කර ගත් පලස්තීන බිම්වල යුදෙව් ජනාවාස දහසකට අධික ප්‍රමාණයක් තැනීම සඳහා ඊශ්‍රායල් ආණ්ඩුව අවසාන අනුමැතිය ලබා දුන්නේය.

ඊශ්‍රායල් ජනතාවගේ නිවාස අවශ්‍යතාව සපුරා ලීම සඳහා බටහිර තීරයේ සහ නැගෙනහිර ජෙරුසලමේ මෙම ජනාවාස තනන බවයි ඊශ්‍රායල් නිවාස ඇමතිවරයා ප්‍රකාශ කළේ.

ඊශ්‍රායලය ගත් මෙම පියවරට විරෝධය පාමින් පලස්තීන සාම නියෝජිත සයීබ් ඉරේකාත් නිවේදනයක් නිකුත් කොට තිබේ.

ඊශ්‍රායල් පලස්තීන සාම සාකච්ඡා ජෙරුසෙලමේදී යළි ආරම්භ වීමට දින තුනක් තිබියදීයි අලුතින් යුදෙව් ජනාවාස තැනීමට ඊශ්‍රායලය පියවර ගත්තේ.