නෙල්සන් මැන්ඩෙලා තවමත් රෝහලේ

mandela
Published

පෙනහළු ආසාදනයකින් රෝගාතුරව සිටින දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා ගේ සුව දුක් විමසීමට ජනාධිපති ජේකබ් සුමා ප්‍රිටෝරියා හි රෝහල කරා ගොස් තිබේ.

වෛද්‍යයවරුන් කළ හැකි සියල්ල කරන බවයි ජනාධිපති ජේකබ් සුමා කියා සිටියේ.

නෙල්සන් මැන්ඩෙලා ඊයේ රාත්‍රිය දැඩි සත්කාර ඒකකයේ ගත කොට ඇත.

රෝහල අසල පොලිස් ආරක්ෂාව දැඩි කොට තිබේ.