සිරුරට ගිනි තබාගත් ඉන්ද්‍රරතන හිමියෝ අපවත් වෙති

Published

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාහල්කඩ ඉදිරිපිටදී සිරුරට ගිනි තබා ගත් බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියෝ කොළඹ ජාතික රෝහලේදී අපවත් වූහ.

කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර සිටි බෝවත්තේ ඉන්ද්‍රරතන හිමි අද පස්වරුවේ අපවත් වූ බවයි ජාතික රෝහලේ අධ්‍යක්ෂ අනිල් ජාසිංහ ප්‍රකාශ කළේ.

හෙළ උරුමයේ සාමාජිකයෙකුව සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධුරයක්ද හොබවා ඇති උන් වහන්සේ වෙසක් පුන් පොහෝදා සිරුරට ගිනි තබාගනු ලැබුවේ ශ්‍රී ලංකාවේ කෙරෙන ගව ඝාතනයට විරෝධය පළ කරමින්.