බීජිං සත්වෝද්‍යානයක සිටින මව්වරුන් අතහැර දැමූ සිංහ සහ කොටි පැටව් බලු පැටව් සමග සෙල්ලමේ

Tiger and Lion cubs playing with puppies
Published

කුඩා බලු පැටවුන්, කොටි සහ සිංහ පැටවුන් එකට එක් වී සෙල්ලම් කරන ආකාරය දැක්වෙන ඡායාරූප පෙළක් අන්තර්ජාලය පුරා ප්‍රසිද්ධියට පත් වී තිබේ. මෙම සතුන් ජීවත් වන්නේ චීනයේ, බීජිං නුවර සත්වෝද්‍යානයකය.

පසුගිය සතියේ ලබාගත් මෙම ඡායාරූපවල 'ගෝල්ඩන් රිට්‍රීවර් (Golden Retriever)' වර්ගයේ කුඩා බලු පැටවුන්, කොටි සහ සිංහ පැටවුන් එකට සෙල්ලම් කරන ආකාරය දැකිය හැකිය.

සයිබීරියන් කොටි, සුදු කොටි, තිත් සහිත හයිනා සහ අප්‍රිකානු සිංහයන් ඇතුළු පැටවුන් අට දෙනෙකු ඔවුන්ගේ මව්වරුන් විසින් අතහැර දමා ගොස් ඇත. මේ වන විට පැටවුන් සිල්ලන්ටම මව් කිරි ලබාදෙන්නේ සුනඛ මව බව වාර්තාවල සඳහන් වේ.

පැටවුන් සියල්ල එකට හැදී වැඩී ඇති නිසා එකිනෙකාට සමීප වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටී.

වලසුන්, කැන්ගරුවන් සහ වඳුරන් ඇතුළු අතහැර දැමූ පැටවුන් බොහොමයක් සාර්ථකව හදා වඩා ගැනීමට ඔවුනට හැකි වූ බව බීජිං සත්වෝද්‍යානය පවසයි.

ට්විටර් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ප්‍රචාරය වූ මෙම ඡායාරූප දහස් ගණනක් පිරිස අතරේ බෙදී ගොස් තිබේ.

Tiger and Lion cubs playing with puppies
Tiger and Lion cubs playing with puppies
Tiger and Lion cubs playing with puppies
Tiger and Lion cubs playing with puppies

මේ තොරතුරුද කියවන්න: