කොටි පැටවෙකුට ලේ කිරි කර දුන් සිංහ මවක්

A picture of the lioness Nosikitok nursing a young leopard cub as she lounges in the arid Serengeti
ඡායාරූප ශීර්ෂ වැකිය, "ඇයට කුඩා කොටි පැටවා හමු වුනා. ඇය කොටි පැටවාට සලකා තිබෙන්නේ තමන්ගේ දරුවෙකුට වගේ "
Published

"කැලය මාරු වුනත් කොටියාගේ පුල්ලි මාරු නොවේ", යන්න සිංහල ව්‍යවහාරයේ එන යෙදුමකි.

එසේ පුල්ලි මාරු කිරීමට නොහැකි කොටි පැටවෙකුට කිරි මව් වූ සිංහ ධේනුවක් පිළිබඳ පුවතක් ටැන්සානියාවෙන් වාර්තා වේ.

වෙනත් සත්ව විශේෂයකට අයත් පැටවෙකුට වනගත සිංහ ධේනුවක් ලේ කිරි කර දෙන ආකාරය කැමරා කාචයක සටහන් වූයේ පළමු වරටය.

එය ඉතාමත් දුර්ලභ සිදුවීමක් ලෙස සත්ව විද්‍යාඥයෝ හඳුන්වති.

line
line

එම අවස්ථාව කැමරා කාචයේ සටහන් කර ගනු ලැබුවේ යෝප් වෑන් ඩර් ලින්ඩේ විසිනි.

ඒ ඔහු ටැන්සානියාවේ න්ගොරොන්ගොරෝ සංරක්ෂිත කලාපයේ සංචාරයක නිරත වී සිටින අතරතුරදීය.

The lioness lies down with her eyes closed as the leopard cub feeds

'Kope Lion' නමැති රාජ්‍යය නොවන සංවිධානය විසින් GPS කොලරයක් පලඳවනු ලැබ ඇති පස් හැවිරිදි 'නොසිකිටොක්' නමැති සිංහ ධේනුව ජුනි 27-28 අතර ආසන්න කාලයේ තමන්ගේම පැටවුන් තිදෙනෙකු බිහි කර තිබේ.

'Kope Lion' වෙත සහාය ලබා දෙන වනගත බිළාල විශේෂ සංරක්ෂණය කිරීමේ ජාත්‍යන්තර ආයතනයක් වන 'Panthera' සංවිධානයේ සභාපති මෙන්ම ප්‍රධාන සංරක්ෂණ නිලධාරි වශයෙන් කටයුතු කරන වෛද්‍ය ලූක් හන්ටර් කියා සිටියේ එය සුවිශේෂිත සිදුවීමක් බවය.

"මගේ දැනීමේ හැටියට බිළාල කුලේ විශාල සතුන් අතර මෙවැනි දෙයක් සිදු වී නැහැ" යනුවෙන් ඔහු පැවසීය.

line
line

"සිංහ ධේනුවන් විසින් වෙනත් සිංහ පැටවුන් හදාවඩා ගත් අවස්ථා ගැන අපි දන්නවා, නමුත් මෙවැනි දෙයක් ගැන වාර්තා වී නැහැ"

සාමාන්‍යයෙන් සිංහ ධේනුවකට කොටි පැටවකු හමු වූ අවස්ථාවක ඔවුන් මරා දැමීමට වැඩි ඉඩකඩක වැඩිය.

The leopard cub turns to face the camera between nursing
A close-up of the leopard cub suckling as the lioness looks on

කොටි පැටවා මෙන් සති දෙකක හෝ තුනක සම වයසේ පසුවන පැටවුන් 'නොසිකිටොක්' සිංහ ධේනුවට සිටින බව වෛද්‍ය හන්ටර් පවසයි.

ඇයට කොටි පැටවා හමුවන්නේ තම පැටවුන් සඟවා තබා ඇති සිංහ ලෙනින් කිලෝමීටරයක් පමණ දුරක පිහිටි ස්ථානයකදීය.

line
line

"ඇයට කුඩා කොටි පැටවා හමු වුනා. ඇය කොටි පැටවාට සලකා තිබෙන්නේ තමන්ගේ දරුවෙකුට වගේ " යනුවෙන් වෛද්‍ය හන්ටර් සඳහන් කළේය.

A shot of the leopard cub crouching with its tale extended

ඇය පැටවුන් බිහි කිරීමත් සමග ශරීරයේ සිදුවන හෝමෝන ක්‍රියාකාරිත්වයේ වෙනස ද ඊට බලපා ඇති බව ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම සිංහ ධේනුවන් සිය පැටවුන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් දැඩි පිළිවෙතක් අනුගමනය කරන බවත් ඔහු කියා සිටියේය.

කොටි පැටවාගේ මව කොහේ සිටී දැයි යන්න හෝ සිංහ ධේනුව විසින් පැටවා පූර්ණ කාලීනව හදා වඩා ගනු ඇත්දැයි යන්න මෙතෙක් පැහැදිලිව කිව නොහැක.