හිමගිර පාමුළ විමුක්තිය සොයන බෞද්ධ භික්ෂුණින් වහන්සේ

Himalayas Buddhist nuns
Published

උතුරු ඉන්දියාවේ හිමාල කදුවැටිය පාමුළ පිහිටි 'ලදාක්' ඉතා දුෂ්කර නමුත් සුන්දර වටපිටාවකට උරුමකම් කියන පළාතකි.

එහි වෙසෙන බහුතරය බෞද්ධයන් වන අතර ප්‍රදේශයේ ඇති බෞද්ධ ආරාම වෙත විදේශිකයෝ දහස් ගණනින් වසරක් පාසා පැමිණෙති.

නමුත් 'ලදාක්' පළාත බෞද්ධ භික්ෂුනී ආරම විසි අටකට නිවහන වී ඇති බව බොහෝ දෙනෙකු නොදන්නා කරුණකි.

නයෙර්මා නමැති කුඩා ගම්මානයේ පිහිටි එවැනි භික්ෂූනී ආරාමයක් පිළිබද මේ කතාව ඉදිරිපත් කරනු ලබන්නේ ඉන්දියානු ඡායාරූප ශිල්පිනියක් වන දීප්ති අස්තානා විසිනි.

Buddhist nun

භික්ෂූනී ශාසනයේ ඇරඹුම ගෞතම බුදුන් වැඩසිටි සමය දක්වා දිව යයි. පැවිදිවීම සඳහා කාන්තාවන්ට ඇති අයිතිය වෙනුවෙන් බුදුරජාණන්වහන්සේ පෙනී සිටි බව විශ්වාස කෙරේ.

නමුත් සියවස් ගණනාවක සිට භික්ෂූනී ශාසනය පරිහානිය කරා ගමන් කරමින් පවතින අතර භික්ෂූන් වහන්සේලා ආරාම තුළ ජීවත් වුවත්, භික්ෂුනියන්ට දිවි ගෙවීමට හෝ ආගමික වතාවත් සිදු කිරීමට විශේෂයෙන් වෙන් වූ ස්ථාන නොමැත.

Buddhist nun

2012 වසරේ සිට චට්නයාලින් ආරාමය වයෝවෘද්ධ භික්ෂුනියන්ට නිවහන වී තිබේ. එම ආරාමය ඉදිකරනු ලැබ ඇත්තේ ලදාක් භික්ෂූනී සංගමය විසිනි. ඒ ගම්වාසීන්ගේ ද සහාය ඇතිවය.

"මේ කාන්තාවන්ට ඉතා දැඩි ලෙස උදව් අවශ්‍ය කර තිබුණා. මේ අයට කෑමට ආහාර තිබුණේ නැහැ. කිහිප දෙනෙකු තමන්ගේ පවුලේ ගෙවල්වල වැඩට ගිහින් තිබුණා" යනුවෙන් භික්ෂුනී සංගමයේ නිර්මාතෘ වෛද්‍ය සෙරින්ග් පැවසුවාය.

Buddhist nun

අසූපස් හැවිරිදි ලොබ්සාන්ග් ඩොල්මා චට්නයාලින් ආරාමයේ වැඩවසන වයෝවෘද්ධම භික්ෂුනියයි. ආරාමයේ වැඩවිසීමට පෙර ලොබ්සාන්ග් භික්ෂුනිය කම්කරුවෙකු ලෙස වගා බිම්වල සේවය කර ඇත.

Buddhist nun

පාසල් අධ්‍යාපනය මෙන්ම බෞද්ධ දර්ශනය සහ වෛද්‍ය විද්‍යාව හදාරන තරුණ භික්ෂුනියන් පිරිසක් සමග වෛද්‍ය සෙරින්ග් පැල්මෝ භික්ෂුනි වහන්සේ (පළමු පෙළ, මැද) ඡායාරූපයකට පෙනී සිටියහ.

කලකට ඉහත, ආගමික වතාවත් සිදු කිරීමට හෝ ඒ සඳහා සහභාගී වීමට ආරාධනා ලැබුවේ භික්ෂුන් වහන්සේලා පමණි. නමුත් මේ වනවිට බණ දේශනා කිරීම සඳහා තරුණ භික්ෂුනී වහන්සේලා වෙත ආරාධනා ලැබේ. ආගමික වතාවත් සඳහා සහභාගීවන භික්ෂුනීයන් වෙත මුදල් ආධාර ද පිරිනැමෙයි.

ලිංගිකත්වය මත පදනම්ව සිදු කෙරෙන නොසලකා හැරීම් ආගමික සංස්ථා තුළ බහුලව දක්නට ලැබෙන බව තමන්වහන්සේට නිරීක්ෂණය වූ බව වෛද්‍ය පැල්මෝ භික්ෂුනිය පවසති.

එවැනි සම්ප්‍රදායික ක්‍රමවේද අභියෝගයට ලක් කරනුවස් තරුණ භික්ෂුනියන් තුළ ආත්ම විශ්වාසය ගොඩනැගීම සඳහා නූතන අධ්‍යාපනය පිටුවහලක් වනු ඇති බවට වෛද්‍ය පැල්මෝ භික්ෂූනී වහන්සේ විශ්වාසය පළ කළහ.

Buddhist nun

චට්නයාලින් ආරාමයේ වැඩවසන ලාබාලතම භික්ෂුනිය අට හැවිරිදි ස්කර්මා චුක්සිට්. 2008 වසරේ දී ස්කර්මා භික්ෂුනිය ආරාමය වෙත පැමිණෙන විට මන්දපෝෂණයෙන් සහ විටමින් 'ඩී' ඌනතාවයෙන් පෙළෙමින් සිටියහ. සිය සහෝදර සහෝදරියන් නිතර සිහි නොවුන ද පෙර ජීවත් වූ ලදාක්හි සැන්ස්කාර් මිටියාවත නිතර මතකයට නැගෙන බව ස්කර්මා භික්ෂුනිය කියා සිටියහ.

Buddhist nun

චට්නයාලින් ආරාමයේ වැඩවසන චම්බා භික්ෂුනිය වෙත එහි පැමිණි අමුත්තෙකුගෙන් පාපැදියක් තෑගි ලැබී තිබේ. සෑම උදෑසනකම සහ සැන්දෑවකම පාපැදියේ නැග යන විට දැනෙන නිදහසට තමන්වහන්සේ දැඩි ඇල්මක් දක්වන බව චම්බා භික්ෂුනිය පැවසූහ.

Buddhist nun

සෙරින්ග් කුන්සොම් භික්ෂුනිය පැවිදි වීමට තීරණය කළේ යන්තම් වසර 7 ක් සපිරුණ විටදීය.

භික්ෂුනී ආරාමය විසින් ලදාක් පළාතේ ප්‍රත්‍යන්ත ගම්මාන තුළ නොමැති අධ්‍යාපන පහසුකම් සහ වෙනත් අවස්ථා පිරිනමනු ලබන බැවින් කුන්සොම් භික්ෂුනිය මෙන් තරුණ ගැහැණු ළමුන් පැවිදි ජීවිතයක් ගත කිරීමට යොමු වේ.

මේ තොරතුරුද දැනගන්න: