උඩුවේ ධම්මාලෝක හිමියන් රිමාන්ඩ් බන්ධනාගාරයට

ඡායාරූප මූලාශ්‍රය, Uduve Dhammaloka Thero

Published

බලපත්‍රයක් රහිතව අලි පැටවකු තබා ගැනීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගනු ලැබුණ උඩුවේ ධම්මාලෝක හිමියන් මෙම මාර්තු දාහත් වෙනි දින තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් නියෝග කළේය.

අනවසරයෙන් අලි පැටියකු ඇති කරනු ලැබීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින උඩුවේ ධම්මාලෝක හිමියෝ රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ අධිකරණයට ඉදිරිපත් කෙරිණ.

කිරුලපොන ඇලන් මැතිනියාරාමාධිපති උඩුවේ ධම්මාලෝක හිමියන් තමා අත්අඩංගුවට ගනු ලැබීම වලක්වන මෙන් ඉල්ලා සිටිමින් පසුගියදා අධිකරණයට පෙත්සමක් ගොනු කර තිබුණි.

වනජීවී නිලධාරීන් විසින් ඇලන් මැතිනියාරාමයේ සිටි අලි පැටියා සොයා ගනු ලැබීමෙන් අනතුරුව ධම්මාලෝක හිමියන් කියා සිටියේ ‘බල්ලන් සහ බළලුන් පන්සල් වලට ගෙනත් දමනු ලබන ආකාරයට’ එම අලි පැටියාත් කිසියම් පුද්ගලයකු විසින් සිය විහාර භූමියේ දමා ගොස් තිබුණ බවයි.