කැලිප්සෝ මියැසි රටා මැවූ නොයෙල් රණසිංහ යුග මෙහවර හමාර කරයි

noel ranasinha
Published

සිංහල මියැසියට කැලිප්සෝ ආර එක් කිරීමේ පුරෝගාමී මෙහෙවරක් කළ නොයෙල් බ‍්‍රයන් රණසිංහ දිවියෙන් නික්ම යන්නේ මතක සටහන් රැසක් ඉතිරි කරමින්.

ලා සිලොනියන්ස් සංගීත කණ්ඩායම සමගින් ඔහු ශ්‍රී ලංකාවෙත් එතෙර පැවැත්වූ සංගීත ප්‍රසංග රසිකයින් අතර මහත්සේ ජනප්‍රිය විය.

කැලිප්සෝ සංගීත සම්ප්‍රදාය බැහැරින් ලබා ගත්තත් එය සිංහල සංගීත රසිකයාට ගැළපෙන අන්දමින් ඉදිරිපත් කිරීමට හැකිවූ බව ශිල්පී නිහාල් නෙල්සන් සංදේශයට පැවසීය.

දක්ෂ ගිටාර් වාදකයෙකු වූ නොයෙල් තමන් ගේ සංගීත ප්‍රසංග තුළ සජීවී බව රැක ගැනීම සඳහා මහත් සේ මහන්සි වූ බව ගායක නිහාල් නෙල්සන් කියා සිටියේය

“ ඒ කාලයේ අද වගේ තාක්ෂණය තිබුනේ නැහැ.පොඩි වරදක් වුනත් ඒක තේරෙනවා. එහෙම වැරදි නොවෙන්න ඔහු වග බලා ගත්තා.අද තාක්ෂණය තියෙනවා .ඕනෑම දෙයක් හංග ගන්න පුළුවන්.ඒ පහසුකම නොයෙල්ට තිබ්බේ නැහැ .ඒ නිසා එයා ගොඩක් මහන්සි වුනා’ යැයි නිහාල් නෙල්සන් පැවසීය.

නොයෙල් රණසිංහ භාෂා කීපයකින්ම ගයනා කළේය.