ඉන්දීය විදේශ ඇමතිනිය ශ්‍රී ලංකාවේ

ඉන්දීය විදේශ ඇමතිනිය ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහද මුණගැසෙනු ඇතැයි අපේක්ෂිතයි

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දීය විදේශ ඇමතිනිය ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහද මුණගැසෙනු ඇතැයි අපේක්ෂිතයි
Published

ඉන්දීය විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් දෙදින නිල සංචාරයක් සඳහා සිකුරාදා ශ්‍රී ලංකාවට ලඟා වෙයි.

සිය සංචාරයේදී විදේශ අමාත්‍ය මංගල සමරවීර මුණගැසෙන ඉන්දීය විදේශ ඇමතිවරිය, ද්විපාර්ශ්වික සම්බන්ධතා පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවයි, <link type="page"><caption> ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය</caption><url href="http://www.mea.gov.lk/index.php/en/media/media-releases/5981-indian-external-affairs-minister-to-visit-sri-lanka-shortly" platform="highweb"/></link> නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

එමෙන්ම ලබන සතියට නියමිත ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගේ ශ්‍රී ලංකා සංචාරයට අදාළ කටයුතු විදේශ අමාත්‍යවරුන් දෙදෙනා සාකච්ඡා කරනු ඇති බවත් නිවේදනයේ සඳහන්.

ඉන්දීය විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහද මුණගැසෙනු ඇතැයි අපේක්ෂිතයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ අතර සිකුරාදා රාත්‍රියේ බ්‍රිතාන්‍යය බලා පිටත්ව යාමට නියමිතය.